(අශෝක තිලකරත්න)
අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා වූ අයවැය අද (27) පැවති මාසික රැස්වීමේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
සභාපති ගාමිණී වීරබද්දන මහතා(ශ්‍රී.ල.පො.පෙ) විසින් මෙම අයවැය ඉදිරිපත් කරන ලදී.
මෙම අයවැය ලේඛනයට අනුව 2020 වර්ෂයේ දී අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ අපේක්ෂිත ආදායම රුපියල් 67,206,497ක් වන අතර අපේක්ෂිත වියදම රුපියල් 67,205,497 ක් වේ.
මෙම අයවැය ලේඛනයේ රුපියල් 1000ක අතිරික්තයක් ද ඇත.

