(දෙනියාය විශේෂ එස්.ඩි.කොඩිකාර )
අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ වැලිව ප්‍රදේශයේදී අද (19) ප.ව. 5.00 ට පමණ ත්‍රිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව ගල් බැම්මක වැදි සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථය පෙරළී ගොස් මාර්ගය අයිනේ සිටි කුඩා ළමයින් දෙදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා මොරවක රජයේ රෝහලට ඇතුළත් කර ඇතැයි මොරවක පොලිසිය කියයි.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු (12) සම වයස් වල පසු වන උපකාරක පන්ති නිමවී නිවස බලා යාමට සිටි පාසැල් සිසුන් දෙදෙනෙකු බව පොලීසිය කියයි .අනෙක් තුවාල කරුවන් දෙදෙනා වයස අවුරුදු (34) වන රෝද රථයේ රියදුරු සහ පසුපස පැමිණි අනෙක් පුද්ගලයා බව පොලීසිය සඳහන් කරන අතර අනතුරින් ත්‍රිරෝද රථයට ද දැඩි අලාභ හානි සිදු වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථ ය අකුරැස්ස ප්‍රදේශයේ සිට අධික වේගයෙන් පැමිණ ඇති අතර වැලිව ප්‍රදේශීය වංගුවක් හැරවීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.තුවාලකරුවන් 1990 දරන ගිලන් රථ සේවය මොරවක රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .