(මොහොමඩ් ආසික්)
අකුරණ ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා වන අයවැය යෝජනා කෙටුම්පත අද (11) සවස විශේෂ මහ සභා රැස්වීමට එහි සභාපති අයි.එම්. ඉස්තිහාර් මහතා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වර්ජනය මැද ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
අලවතුගොඩ පිහිටි අකුරණ ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී මෙම විශේෂ මහ සභා රැස්වීම එහි සභාපති අයි.එම්. ඉස්තිහාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී සභාපතිවරයා විසින් 2019 වසර සඳහා වන අයවැය කෙටුම්පත ඉදිරිපත් කරමින් සඳහන් කළේ, අකුරණ බල ප්‍රදේශයේ සියලු ප්‍රදේශ සංවර්ධනය කිරීම අරමුණු කර ගෙන මෙම අයවැය ඉදිරිපත් කරන බවයි .