අකුරණ නගරය ජලයෙන් යට වෙයි


(මොහොමඩ් ආසික්)

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද (22) ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ නගරය අඩි තුනක් පමණ ජලයෙන් යට විය.

පැයක පමණ  කාලයක් අකුරණ හා අවට ප්‍රදේශවලට තද වැසි ඇති වූ අතර වැසි ආරම්භ වී පැයකින් පමණ නගරයේ මාර්ගය කිහිපයක් ජලයෙන් යට විය.

මහනුවර මාතලේ ඒ 09 මාර්ගය සහ දුනුවිල පාරද ජලයෙන් යටව තිබූ අතර අඩි තුනක් පමණ ජලයෙන් යටව ඇති අතර වෙළඳ සැල් රැසකටද ජලය ගලා ගොස් තිබිණ.