(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කෙරුණු ලි මෝල් හිමියකුගේ මළ සිරුරක් අද(10)පෙරවරුවේදී අහුන්ගල්ල පතිරාජගම ප්‍රදේශයේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ තිබියදී සොයා ගැනුණු බව අහුන්ගල්ල පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ අහුන්ගල්ල පතිරාජගම කුඩුවහන්දිය පදිංචි 80 වියැති එස් .ඒ.ජිනදාස නමැති සිව් දරු පියෙක් බවද පොලිසිය කියයි .
මේ ලි මෝල් හිමියා මෙසේ තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කරන්නට ඇත්තේනොවැම්බර් මස 9 වැනිදා රාත්‍රියේ වන්නට ඇති බවද පොලිසිය කියයි .ඒ ඊට පෙරදිනද මේ ලි මෝල් හිමියා සිය ව්‍යාපාරික ස්ථානයේ සිටි බවට ඇසින් දුටු සාක්කි තිබෙන බව නිසා මෙසේ අනුමාන කල හැකි බවද පොලිසිය කියයි .
දියණියක් මේ පුද්ගලයාට උදේ ආහාර ගෙන ගොස් සිටි අවස්ථාවේදී මේ පුද්ගලයා ඝාතනය කොට ඇති බව දැකීමෙන් පසුව තමන්ටද මේ පිලිබදව දැන්වීමෙන් අනතුරුව මේ මළ සිරුර සොයා ගැනුණු බවද පොලිසිය කියයි .
මේ ඝාතනයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණයවී නැති බව පවසන පොලිසිය ඒ පිලිබදව පරික්ෂා කොට පරීක්ෂණ ආරම්භ කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවූ බවද කියයි .
අහුන්ගල්ල පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි