'විදුහල්පති සේවයේ නිසි පත්වීම් නෑ'- ගුරු සංගමය කියයි


විදුහල්පති සේවයේ පිහිට විය යුතු තරග විභාගය සමත්  වු විදුහල්පතිවරුන්ට  තවමත්  නිසි පරිදි සේවා ස්ථාන පළාත් සභා මගින්  බාර දී නොමැති  බව ලංකා ගුරු සංගමය පවසයි.

තමන්ට  හිතැති වැඩබලන විදුහල්පතිවරුන් සිටින පාසැල්  වලට  සුදුසුකම්  ලත්  විදුහල්පතිවරුන් පළාත්  සභාව මගින් මේ දක්වා  අනුයුක්ත නොකිරිම නිසා මානව හිමිකම්  කොමිසමට පැමිණිලි කිරිම ද ලංකා  ගුරු සංගමය සුදානම් වෙයි.