(බිඟුන් මේනක ගමගේ )
ආණ්ඩුව මහජන දේපලක් වන සංඛ්‍යාත අවභාවිත කිරීමට එරෙහිව මහජනතාව හඬ නැගිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ‘ලංකාදීප’ යට කීය.
පැවැති සෑම ආණ්ඩුවක්මත් වත්මන් ආණ්ඩුවත් භාණ්ඩාගාරයේ මුදල්, රටේ ඉඩම් හා අනෙකුත් ජාතික සම්පත් අවභාවිත කළේ යැයි චෝදනා කළ හෙතෙම මහජනයා සතු සංඛ්‍යාත අයිතියට ද අත් වී ඇත්තේ එම ඉරණම යැයි ද අවධාරණය කළේය.
මෙම තත්ත්වය වළක්වාගත හැක්කේ මහජනතාව දැනුම්වත්ව කරන මැදිහත් වීමකින් යැයි ද මහජන දේපල අවභාවිතයට එරෙහිව ප්‍රබලව ජන හඬක් මතු විය යුතු යැයි ද ජවිපෙ නායකයා පැවසීය.
සංඛ්‍යාත අයිතිය හුදෙකලා කර කතා කිරීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරන්නේ පොදුවේ මහජන දේපළ අවභාවිතය ගැන අවිවේචනාත්මකව යැයි ද එනිසා මහජනතාවට අයිති දේපළ ගැන සංවේදී දේශපාලන පක්ෂයක් හැටියට ජවිපෙ හඬ නගන්නේ සමස්ත මහජන දේපළ අවභාවිතයට එරෙහිව යැයි ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
‘ආණ්ඩුව සංඛ්‍යාත අවභාවිතා කිරීම ගැන මහජනතාව හඬ නැගිය යුතුයි’
Recommended Articles