ගුවන් හමුදා නිලධාරීන්ගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානයක්


ගුවන් හමුදා සේවයේ  නියුතු සහ ගුවන් හමුදා සිවිල් සේවයේ නියුතු නිලධාරීන්ගේ දරුවන්ගේ   අධ්‍යාපන කටයුතු  වෙනුවෙන්  පැවැති  අධ්‍යාපනික  ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය  ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

 5 ශ්‍රේණියේ සිට අපොස උසස්පෙළ  අධ්‍යාපනය සඳහා  විශේෂ දක්ෂතා දැරූ දරුවන් 200 දෙනකුගෙන් තෝරාගත් දරු දැරියන් 46 දෙනකු සඳහා  ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරුණු අතර , 2017  වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර  සාමාන්‍යපෙළ විභාගයේදී සියලුම විෂයන් සඳහා  විශිෂ්ඨ සම්මාන සාමාර්ථ ලබාගත් දරු දැරියන් 22 දෙනකු හට මුදල් ත්‍යාග පිරිනැමීය මෙහිදී සිදු කෙරිණි.

ගුවන් හමුදාපති ඒයාර් මාෂල්  කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම උත්සවය පැවැති අතර ගුවන් හමුදා වනිතා ඒකකයේ සභාපතිනි  අනෝමා ජයමිපති මහත්මියගේ  සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක කෙරිණි.

 ගුවන් හමුදා  වනිතා ඒකකය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

 (36698)