( ඩයනා උදයංගනී)
විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල පවතින ගැටලූ විසඳා ඒවායේ ප‍්‍රමිතිය පාලනය කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන බව නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.
ලැබී තිබෙන ඉතා කෙටි කාලය තුළ මෙරට උසස් අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදු කිරීම අපහසු නමුත් එහි පරිවර්තනීය වෙනසක් සිදු කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
උසස් අධ්‍යාපනයේ තත්ත්වය සහ ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීමේ කොමිෂන් සභාවක් පත් කිරීමට අවශ්‍ය කැබිනට් පති‍්‍රකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කී ඇමතිවරයා ඒ පිළිබඳව මේ වන විටත් තමන් හොඳින් අධ්‍යයනය කර ඇතැයි ද කීවේය.
උසස් අධ්‍යාපන ක්‍ෂ්ත‍්‍රය තුළ පවතින සිසු ගැටුම්, උද්ඝෝෂණ, පෙළපාලි සහ විරෝධතා සම්බන්ධයෙන් සිසුන් සමඟ සාකච්ඡුා කොට පිළියම් සකසා දීමට කටයුතු කරන බව ද ඇමතිවරයා කියා සිටියේය.
එම ගැටලූවලට පිළිතුරු ලබා දෙන අතර ම විශ්වවිද්‍යාල පද්ධතියේ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැඩි ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමට සිදුවන බව ද ඇමති රවුෆ් හකීම් මහතා ස`දහන් කළේය.