(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ 14 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් අවස්ථාව ජනමාධ්‍යයට වාරණය කිරිම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය විරෝධය පළ කරයි.
මෙම වාරණය මෙරට ජනමාධ්‍ය නිදහසට මෙන්ම තොරතුරු දැන ගැනීමේ අයිතියටද එල්ල කළ බාධාවක් ලෙස සලකමින් මෙම ක‍්‍රියාව දැඩි ලෙස හෙළා දකින බවද නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සදහන් කරයි.
අග‍්‍රාමාත්‍යවරයෙකු දිවුරුම් දීම ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක ඉහළ ප‍්‍රවෘත්තිමය වටිනාකමකින් යුත් සිදුවිමක් වන බවත් ඒ පිලිබ`ද තොරතුරු දැන ගැනීම සමාජයේ සියලූ පුරවැසියන් සතු අයිතියක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ