සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී  
හරීන් ප්‍රනාන්දු
- මගේ පෞද්ගලික අදහස නම් සර්වපාක්ෂික සමුළුවට අප යා යුතුයි කියලයි
- සජබෙත් ඔය මම කියන එක බක පණ්ඩිතයෙක් ඉන්නවා
- සජබයේ දැනට පොඩි ප්‍රශ්න ටිකක් තිබෙනවා
- ආණ්ඩුවකට උදව් කරන්න ඇමැතිකම් අරගෙන වාහන අරගෙන පිස්සු නටන්න අවශ්‍ය නෑ. වැඩපිළිවෙළකට අපට සහාය දෙන්න පුළුවන්
 ආණ්ඩු විරෝධය දසතින් දලුලා වැඩෙන පරිසරයක රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය කරමින් සිටින්නේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවකි.
ආණ්ඩු විරෝධය දසතින් දලුලා වැඩෙන පරිසරයක රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය කරමින් සිටින්නේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවකි. 
 රට හමුවේ තියෙන අර්බුද පොකුරට උත්තර හොයන්න ආණ්ඩුව සර්ව පාක්ෂික සමුළුවක් කැඳෙව්වා. නමුත් ඔබලා එය වර්ජනය කළා. ඇයි ඒ?
රට හමුවේ තියෙන අර්බුද පොකුරට උත්තර හොයන්න ආණ්ඩුව සර්ව පාක්ෂික සමුළුවක් කැඳෙව්වා. නමුත් ඔබලා එය වර්ජනය කළා. ඇයි ඒ?  
පක්ෂය ඇතුළේ මේක ගැන දීර්ඝව සාකච්ඡා කළා. අපි දිගින් දිගටම මෙවැනි සාකච්ඡාවක වැදගත්කම අවධාරණය කළා. එය අවශ්‍යම මොහොතේ ආණ්ඩුව කර ඇරියා. දැන් කරකියා ගන්නම දෙයක් නැති වුණාම බොරුවට විපක්ෂය සම්බන්ධ කරගෙන විපක්ෂයත් මේකට සම්බන්ධ කරගත්තා කියන්න තමයි ඔය සමුළුව කැඳෙව්වේ. ඒ නිසා පක්ෂයේ නායක මණ්ඩලය මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරලා නොයන්න තීරණය කළා.  
 ඒ තීරණය සාධාරණද?
ඒ තීරණය සාධාරණද?  
ඔව් පවතින කරුණුත් එක්ක තමයි ඒක තීරණය වුණේ.  
 නොයන්න තීරණය කළේ නායක මණ්ඩලයනේ. ඔබේ පෞද්ගලික අදහස?
නොයන්න තීරණය කළේ නායක මණ්ඩලයනේ. ඔබේ පෞද්ගලික අදහස?  
මගේ පෞද්ගලික අදහස නම් එයට සහභාගි විය යුතුයි කියලයි. නමුත් පහුගිය කාලයේ ආණ්ඩුව අප කෙරෙහි දක්වා තිබෙන සැලකිල්ල දිහා බලුවාම... ඔබට මතක ඇති පාර්ලිමේන්තුව තුළදී අපි එන්නත් ගේන්න කිව්වම, රට වහන්න කිව්වම අපිව විහිළුවට ගත්ත ආණ්ඩුවක් අපගේ යෝජනා ක්‍රියාත්මක කරන්න මේ සමුළුව කැඳෙව්වා කියා අපි හිතන්නේ නෑ. ඒ නිසා තමයි ඒ තීරණයට එන්න ඇත්තේ.  
 විපක්ෂය දිගටම කිව්වා ‘සාකච්ඡාවක් දෙන්න’ කියලා දුන්නම යන්නේ නෑ. මේක දෙබඩි වැඩක්?
විපක්ෂය දිගටම කිව්වා ‘සාකච්ඡාවක් දෙන්න’ කියලා දුන්නම යන්නේ නෑ. මේක දෙබඩි වැඩක්?  
නෑ. ඒක තමයි මම කිව්වේ. හුඟාක් කරුණු දිහා බැලුවා. කවුද මේකට සහභාගි වෙන්නේ විපක්ෂයේ හැම කණ්ඩායමක්ම සහභාගි වෙන සමුළුවක් නම් තර්කයක් නෑ. නමුත් මේ මොහොත වන විට රටේ තියෙන තුන්වැනි විශාලතම දේශපාලන පක්ෂය ඒක මග හරිනව නම් ඒ ආණ්ඩුවේ ඉන්න සහෝදර පක්ෂත් යන්නේ නැත්නම් අපි තනියම ගියාම සමාජයට වැරැදි මතයක් යනවාට වඩා හොඳයි හරිම දේ ක්‍රියාත්මක කරන එක.  
 අද රටේ අර්බුද පොකුරක් තියෙනවා. මේකට සැබෑ හේතුව හැටියට ඔබ දකින්නේ?
අද රටේ අර්බුද පොකුරක් තියෙනවා. මේකට සැබෑ හේතුව හැටියට ඔබ දකින්නේ?  
වැරදි තීන්දු ගැනීම. දුර දැකලා තීන්දු නොගැනීම නිසා තමයි මේ අර්බුද තීව්‍ර වෙලා තියෙන්නේ. අවුරුදු 74 ක ඉතිහාසය පුරාම විටින් විට දේශපාලනඥයෝ මිනිසුන්ට නොමිලේ දේවල් දීලා පුරුදු කරලා හිඟමනට පත්වෙච්ච ජාතියක් බවට පත්වෙලා තියෙනවා. ඒකේ උච්ඡතම අවස්ථාව ආවේ වෙනසක් වෙනුවෙන් පත්වෙච්ච ජනාධිපතිවරයට කිසිම අත්දැකීමක් මෙන්ම කිසිම වැඩපිළිවෙළක් නොවීමයි. ගෝලීය අර්බුදයක් තිබුණත්.... මේ ගෝලීය අර්බුදය තියෙන අපේ අසල්වැසි රටවල් පවා ඉතා ශක්තිමත්ව මේකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා අපට කියන්න බෑ ගෝලීය අර්බුදය පමණක් මේකට බලපෑවා කියන එක. එකම පවුලක් වශයෙන් රට පාලනය කරනවා. ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය නිසා මේ අර්බුදය තව තවත් උග්‍ර වුණා.  
 අපි හිතමු මේ මොහොතේ තියෙන්නේ සමගි ජල බලවේගයේ ආණ්ඩුවක් කියලා මොකක්ද ඔබලාට තියෙන විසඳුම්?
අපි හිතමු මේ මොහොතේ තියෙන්නේ සමගි ජල බලවේගයේ ආණ්ඩුවක් කියලා මොකක්ද ඔබලාට තියෙන විසඳුම්?  
2019 නොවැම්බර් මාසයේ ඔවුන් රට ගන්නකොට රටේ තිබුණ තත්ත්වය ඔවුන් හොඳටම දැනගෙන හිටියා. ඒ වගේම ඒ වෙනකොට රට හොඳ ස්ථානයක තිබුණා. නමුත් ගෝලීය අර්බුදයක් ආවා. ඒ අර්බුදයට හොඳින් මුහුණ දීමට අසමත් වීම තුළ තමයි මේ තත්ත්වය ඔඩුදුවන්න පටන් ගත්තේ. සජබ ආණ්ඩුවක් නම් තිබෙන්නේ. ඔව් අපේ විදේශ ප්‍රතිපත්තිය මීට වඩා වෙනස්. එහෙම නම් අපි අයි.එම්.එෆ් එකට යන්නේ මීට බොහොම කලින්. එහෙම ගිහින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සුක වෙනවා. අද වෙලා තියෙන්නේ අමාරුම වෙලාවේ අයි එම් එෆ් ගියාම තවත් දුෂ්කර කොන්දේසිවලට යටත්වෙන්න වෙනවා. දක්ෂ දේශපාලන නායකයන් ආණ්ඩුවක සිටිය යුතුයි.  
 ආණ්ඩුව අයි එම් එෆ් යනවා කියලා කියනවා. දැන්වත් හරි පීල්ලට ආණ්ඩුව ඇවිත් කියලා කිව්වොත්?
ආණ්ඩුව අයි එම් එෆ් යනවා කියලා කියනවා. දැන්වත් හරි පීල්ලට ආණ්ඩුව ඇවිත් කියලා කිව්වොත්?  
මේ ගොල්ලෝ හැමදේම පරක්කු වෙලානේ කරන්නේ. කොරෝනා වසංගතයේදී ඒක හොඳටම පැහැදිලි වුණා. ඒකෙන් රටට ඩොලර් එන මාර්ග වැහුණා. කරන්න අවශ්‍ය වෙලාවෙදි ඒක කරන්න ඕනැ.  
 ආණ්ඩුව මොන දේ කළත් විපක්ෂය ඒකට විරුද්ධ වෙනවා. මෙහෙම රටකට ඉස්සරහට යන්න පුළුවන්ද?
ආණ්ඩුව මොන දේ කළත් විපක්ෂය ඒකට විරුද්ධ වෙනවා. මෙහෙම රටකට ඉස්සරහට යන්න පුළුවන්ද?  
එහෙම නොවෙයි. විශේෂයෙන්ම අපි කියන්නේ රට වෙනුවෙන් ආණ්ඩුව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා විපක්ෂයේ සහාය ඉල්ලනවා නම් අපිට සහයෝගය දෙන්න පුළුවන්. නමුත් අපි පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත කරුණු කියන කොට අපට ඉතාම පහත් විදියට මඩ ගසමින් චෝදනා කරමින් විපක්ෂය හෑල්ලුවට ලක් කරමින් විපක්ෂනායකවරයා ඉදිරිපත් කළ කිසිම කරුණක් ගැන සාධනීය ලෙස පිළිගැනීමක් නොකර තියෙන තත්ත්වය තුළ එතැනින් එහාට අපි මොකක්ද කරන්නේ. ආණ්ඩුව වැරදි කරන කොටත් හොඳ කියාගෙන ඉන්න අපිට බෑනේ.  
 ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් තුනක් අත්සන් කර ඇති බවත් එමගින් ලංකාවේ මුහුදත් අහසත් ඉන්දියාවට විකුණා ඇති බවත් ඔබ කිව්වා?
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් තුනක් අත්සන් කර ඇති බවත් එමගින් ලංකාවේ මුහුදත් අහසත් ඉන්දියාවට විකුණා ඇති බවත් ඔබ කිව්වා?  
ඔව්. ඩ්‍රෝන යානා තුනකට එක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒකට සම්බන්ධ සමුද්‍ර මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන දෙකක්, ඒ සම්බන්ධ සියලු තොරතුරු අපට තියෙනවා. අපි ආර්ථික අර්බුදයට යමින් තිබෙන රටක්. ආණ්ඩුව ඉදිරිපත් කරන පනත් හරහා යම් අවස්ථාවකදී අපට ණයක් ගෙවාගන්න බැරිවුණොත් ඒ බැංකුවට, ඒ රටට ඒ ව්‍යාපෘතිය සින්න වෙන දෙයකට මේ ගොල්ලෝ අත ගහලා තියෙනවා. අපි අපේ මුහුදෙ කොටසක් ගොඩ කරලා වරාය නගරය හැදුවා. අහසේ ඩ්‍රෝන යානාවලට යන්න අපි අවසර දෙනවා. ඒකට මුදලක් අය කරනවා. මේකට විවෘත ටෙන්ඩර් පටිපාටියක් කැඳෙව්වාද? මොන මොන රටවල් එක්කද මේ ගැන සාකච්ඡා කළේ. අපි ගන්න මුදල්වලට ඒගොල්ලෝ දපු කොන්දේසි මොනවද කියන එක ගැන තමයි ප්‍රශ්නය තියෙන්නේ.  
 මේක ඩොලර් ටිලියන 29 ක ආයෝජනයක්?
මේක ඩොලර් ටිලියන 29 ක ආයෝජනයක්?  
ඒක තමයි මම කිව්වේ. විවෘත ටෙන්ඩර් පටිපාටියක් මේකට අවශ්‍යයි. එහෙම නැත්නම් ලෝකයේ වෙනත් රටකට ඩොලර් මිලියන 60 කට මේක දීලා දැම්මා නම් හොඳ නැද්ද? මේක පාර්ලිමේන්තුවට ඇවිත් කියන්න ඕනෑ දෙයක්. එහෙම නැතිව අයියලා මල්ලිලා හතර දෙනෙක් එකතු වෙලා තමන්ට ඕනැ ඕනැ තීන්දු අරගෙන රට විකුණන්න හදනවා නම් ඒක මාර ප්‍රශ්නයක්නේ. විකුණන රට බේරා ගන්නයි ආවේ කියලනේ කිව්වේ. මේ ව්‍යාපෘතිය මහ දවාලේ කරපු අමුම අමු කොල්ලයක් කියලා තමයි කියන්න වෙන්නේ.  
 ඔබ කියලා තිබුණ ‘අපේ නාවික හමුදාවත් ඉන්දියාවට විකුණලා’ කියලා?
ඔබ කියලා තිබුණ ‘අපේ නාවික හමුදාවත් ඉන්දියාවට විකුණලා’ කියලා?  
මේ සමුද්‍ර මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පිහිටුවන්නේ නාවික හමුදා මූලස්ථානයෙ. ඒ ඉන්දීය සමාගමට නාවික හමුදාවේ තොරතුරු මුළුමනින්ම ලැබෙනවා. මේ අස්සේ ගුවන් හමුදාවේ ඉඩම විකුණන්න සැලසුම් කරලා තියෙනවා. කිසිම විවෘත ක්‍රමවේදයකින් පරිබාහිරව කැබිනට් අවසරයක් අරගෙන තමන්ට ඕනෑ දේ කරන්න යනවා නම් ඒක සාධාරණීකරණය කරන්න හොඳ නෑ කවුරුවත්.  
 සාම්ප්‍රදායික මොඩලයෙන්ම මේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න පුළුවන්ද? විකල්පවලට යා යුතු නැද්ද?
සාම්ප්‍රදායික මොඩලයෙන්ම මේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න පුළුවන්ද? විකල්පවලට යා යුතු නැද්ද?  
විකල්පවලට යන්න ඕනෑ. නමුත් ලංකාවේ තියෙනවා විවෘත ක්‍රමවේදයක්. ටෙන්ඩර් වේවා, කැබිනට් තීරණ වේවා විවෘත විය යුතුයි. නමුත් බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්දියාවට යන්න කලින් මේවා කැබිනට් එකට දාලා තමයි ගිහින් තියෙන්නේ. ඇයි මෙච්චර හදිසි වෙන්නේ. එහෙම කළේ එහෙන් ආපු කොන්දේසි නිසා බව ඕනෑම ළදරුවෙකුට තේරෙන්න ඕනැ. මේ වෙමින් පවතින්නේ මෙහෙම නොකරන බවට පොරොන්දු දීලා ආපු කට්ටිය කරන වැඩක්. අපි මේක හැමදාම කිව්වා. යූඑන්පී ආණ්ඩුව රට විකුණනවා කියලා කියාගෙන ආපු කණ්ඩායමක් අද ඉතින් අහසයි මුහුදයි ගොඩබිමයි, රටේ ජනතාවගේ ජීව දත්තයි සියලු දේ විකුණලා තියෙනවා. කවුරුහරි හිතනවා නම් මේක ඉදිරියේදී ප්‍රශ්නයක් නොවෙයි කියලා එහෙම නම් ඉතින් බොහොම හොඳයි, ඔහොම යයි.  
 විපක්ෂනායක සජිත් කිව්වා අවුරුදු දෙකක ණය සහන කාලයත් සමග අරාබියේ රටවල් තුනක් තෙල් දෙන්න පොරොන්දු වුණා කියලා. දේශප්‍රේමී විපක්ෂයක් නම් මේ මොහොතේ ඒ තෙල් ගෙන්විය යුතුයිනේ?
විපක්ෂනායක සජිත් කිව්වා අවුරුදු දෙකක ණය සහන කාලයත් සමග අරාබියේ රටවල් තුනක් තෙල් දෙන්න පොරොන්දු වුණා කියලා. දේශප්‍රේමී විපක්ෂයක් නම් මේ මොහොතේ ඒ තෙල් ගෙන්විය යුතුයිනේ?  
ඔව්. ඇත්ත වශයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් තමයි ඔය ප්‍රශ්නය අහන්න ඕනෑ. මම විශ්වාස කරනවා එතුමා කියන්නේ ආණ්ඩුවක් ගැන විශ්වාසයක් ඒ රටවල්වලට ඇතිවෙන්න ඕනැ කියන එකයි කියලයි. ‘ක්‍රෙඩිට් රේටිං’ කියලා දෙයක් තියෙනවා. ලෝකය අපට ණය දෙනකොට විශ්වාසය කියන එක තිබිය යුතුයි. මේ ආණ්ඩුව ඒ විශ්වාසය නැති කරගෙන තියෙන්නේ. අපේ ආණ්ඩුවක් තුළ ජපානය වෙන්න පුළුවන්, ප්‍රංශය වෙන්න පුළුවන් ඇමෙරිකාව වෙන්න පුළුවන් චීනය, ඉන්දියාව වෙන්න පුළුවන්. ඒ ඒ රටවල් සමග ගනුදෙනු කරන කොට වගකීමෙන් කළ යුතු වෙනවා. එතකොට තමයි ඒ රටවල් අපි දිහා සුබවාදීව බලන්නේ. අපේ රජය තුළ සජිත් මහත්තයා පමණක් නොවෙයි තවත් දක්ෂ අය ඉන්නවා. හර්ෂ ද සිල්වා, ඉරාන්ලා වැනි නායකයෝ ඉන්නවා. අපට හොඳ විදේශ ප්‍රතිපත්තියක් තියෙනවා. විපක්ෂනායකතුමාට ඒ රටවලින් තෙල් ඉල්ලන්න බැහැ. මොකද ඒ අයගෙ පේමන්ට් එක ගැරන්ට් කරන්න ප්‍රේමදාස මහත්තයට බැහැනේ.  
 රටක විපක්ෂයට වෙනත් රටක් එහෙම කියන්න පුළුවන්ද? මේක විශ්වාස කරන්න පුළුවන් කතාවක්ද?
රටක විපක්ෂයට වෙනත් රටක් එහෙම කියන්න පුළුවන්ද? මේක විශ්වාස කරන්න පුළුවන් කතාවක්ද?  
එහෙම සාකච්ඡාවක් ගැන මම දන්නේ නෑ. මම හිතන්නේ නෑ. එතුමා එහෙම වගකීම් විරහිත ප්‍රකාශයක් කරයි කියලා. එහෙම නම් අනික් පාර්ශ්වය කියන්න එපැයි අපි එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. 
 
 ඒ රටවල් මොනවද කියලා ඔබ දන්නවද?
ඒ රටවල් මොනවද කියලා ඔබ දන්නවද?  
ඇත්තටම නෑ. මම ඒ ගැන එතුමත් එක්ක කතා කරල නෑ. මමත් ඕක දැක්කේ මාධ්‍යයෙන්. එතුමා යමක් කිව්වා නම් එහෙම කියන්න ඇත්තේ අනිවාර්යෙන්ම හේතු සාධක ඇතිවයි. එහෙම නැතුව එතුමා ඒ වගේ ප්‍රකාශයක් කරන්නේ නෑ කියන වගකීම මම බාර ගන්නවා.  
 රටේ අර්බුද පොකුර පාවිච්චි කරලා විපක්ෂයේ හැම කණ්ඩායමක්ම උත්සාහ කරන්නේ බල හුවමාරුවකට. මේ වෙලාවේ ඒ වැවේ හරිද?
රටේ අර්බුද පොකුර පාවිච්චි කරලා විපක්ෂයේ හැම කණ්ඩායමක්ම උත්සාහ කරන්නේ බල හුවමාරුවකට. මේ වෙලාවේ ඒ වැවේ හරිද?  
මම හිතනවා බලය ගන්න කිසිම කෙනෙකුට වුවමනාවක් නෑ. මේ මොහොතේ මම විශ්වාස කරන්නෙත් රටක් විදියට සියලු බලවේග ඒකරාශි විය යුතුයි කියලයි. ඕනෑම දේශපාලනයක් කරන්න අපට රටක් තිබිය යුතුයි. අලිය ද, පොහොට්ටුවද, දුරකථනය ද කියන එක අදාළ නැහැ. මේ මොහොතෙත් අපට එකතුවෙන්න බැරි නම් ඇත්තටම අපි ෆේල්. ඒ කෙසේ වෙතත් ආණ්ඩුවේ දේශපාලන කණ්ඩායම්වල හැසිරීම තුළ කිසිම සාධාරණ ගනුදෙනුවකට මොවුන් විවෘත වෙයි ද කියන එක ගැන ගැරන්ටියක් අපට නෑ. ඒක ආවොත් අපිට අනිවාර්යයෙන්ම එකතු වෙන්න පුළුවන්. විපක්ෂයක් හැටියට අපි කවුරුත් එකතු වෙලා කිසිම පඩියක් ගන්නේ නැතිව තෙල්, වාහන ගන්නේ නැතිව පාර්ලිමේන්තුවේ කෑමවලට යන වියදමත් සම්පූර්ණයෙන්ම නවත්වලා මේ රට ගොඩගන්න දේශපාලනඥයා කැපවෙන්න ඕනැ. ඒ ස්ථාවරයෙ මම ඉන්නේ. මම සූදානම් පඩි නැතිව තෙල් නැතිව වාහන නැතිව වැඩ කරන්න.  
 විපක්ෂය එකට එකතු විය යුතුයි කියලා ඔබ කියනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් ආණ්ඩුව සමග ගැටුමක ඉන්නේ. ඔවුන් සමග කතා කරන්නත් ඔබ සූදානම්ද?
විපක්ෂය එකට එකතු විය යුතුයි කියලා ඔබ කියනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් ආණ්ඩුව සමග ගැටුමක ඉන්නේ. ඔවුන් සමග කතා කරන්නත් ඔබ සූදානම්ද?  
අපි ඒ ගැන අපේ නායකතුමත් එක්ක සාකච්ඡා කළා. අඟහරුවාදා එතුමා පංච පුද්ගල කමිටුවක් ඒ වෙනුවෙන් නම් කළා. කබීර් හෂීම්, තිස්ස අත්තනායක, රංජිත් මද්දුම බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න යන මැතිතුමන්ලා සහ තලතා අතුකෝරාළ මැතිනිය ඒ කමිටුවේ ඉන්නවා. හැම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරලා මැද තැනකට ඇවිත් රට වෙනුවෙන් වැඩක් කරන්න අපි පළමු පියවර තියලා තියෙනවා.  
 විපක්ෂයේ සමගිය හදන්න කතා කළාට සජබය ඇතුළේ සමගියකුත් නෑනේ?
විපක්ෂයේ සමගිය හදන්න කතා කළාට සජබය ඇතුළේ සමගියකුත් නෑනේ?  
දැනට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඕනෑම පක්ෂයක ඒවා තියෙනවා. එහම නම් පොහොට්ටුව දෙදරලා ගිහින් තියෙන්නේ. එහෙමයි කියලා පොහොට්ටුව නැති වෙන්නේ නෑ. යූඑන්පිය එක මන්ත්‍රීධුරයකට වැටුණේ. සජබෙත් ඒ වගේ ගැටලු අර්බුද එක එක තැන්වල එනවා. ඕවා සාමාන්‍ය දේවල්. හැබැයි පක්ෂවල නායකයෝ මේවා හරි විදියට කළමනාකරණය කරන්න ඕනැ. සජබය තුළ අසමගියක් එහෙන් මෙහෙන් ඇවිත් හරි පාරට ගේන්න නැවත කටයුතු කරනවා?  
 කොළඹ තිබුණ විරෝධතා ව්‍යාපාරයේදී ඔබට, රාජිතට, ෆොන්සේකාට කතාවක් දෙන්න කලින් තීරණය කරලා තිබුණත් අවසාන මොහොතේ සජිත් ඒක කපලා දැම්මා?
කොළඹ තිබුණ විරෝධතා ව්‍යාපාරයේදී ඔබට, රාජිතට, ෆොන්සේකාට කතාවක් දෙන්න කලින් තීරණය කරලා තිබුණත් අවසාන මොහොතේ සජිත් ඒක කපලා දැම්මා? 
 
ඇත්තටම එහෙම අර්බුදයක් තිබුණේ නැහැ. අපි තීරණය කරලා තිබුණේ එන විදියට මුහුණ දෙමු කියලයා. අපිට මූලික ඉලක්කය තිබුණේ පෙළපාළිය අර්බුදයක් නැතිව නියමිත ස්ථානයට යාමයි. එතැනට යන්න බැරි වුණොත් දෙවැනි ස්ථානයක්, තුන්වැනි ස්ථානයක් අපි තෝරාගෙන තිබුණා. මම ආවේ මාළිගාවත්ත පැත්තෙන් ආපු පෙළපාළිය ලීඩ් කරගෙන. මුජිබර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි ඇතුළු කීප දෙනෙක් මාත් එක්ක හිටියා. නායකතුමා ඇතුළු කණ්ඩායම ආවේ අනික් පැත්තෙන්. මම නම් දකින විදියට ඒ ආපු සෙනඟට අපේ කටහඬවත් ඇහෙන්නේ නෑ කියලා. මොකද එච්චර සෙනගක් හිටියා. අපිට ඕනැ වුණේ මීඩියා එකට කතා කරන්නයි. ඒක නායකතුමා කළා.  
 සජිත් යන්නේ ඒකාධිපති ගමනක්’ කියලා මන්ත්‍රී රාජිත එතැනින් ගියා කියලත් වාර්තා වුණා?
සජිත් යන්නේ ඒකාධිපති ගමනක්’ කියලා මන්ත්‍රී රාජිත එතැනින් ගියා කියලත් වාර්තා වුණා?  
පක්ෂවල දේශපාලනය නොකරන බක පණ්ඩිතයො ඉන්නවා නායකයා ආරක්ෂා කරනවා කියලා. නායකයාගේ දේශපාලන තීන්දු තීරණ අතට ගන්න අය ඉන්නවනේ. තීන්දු ගන්න ඕනැ පාක්ෂිකයොනේ. පිටින් ආපු බක පණ්ඩිතයෝ එහෙම කළා නම් ඒක වැරැදියි. ඒකට තමයි රාජිත මැතිතුමාට තරහා ගිහින් තිබුණේ. ඒක විසඳගෙන තියෙනවා. ඉදිරියේදී එහෙම වෙන එකක් නෑ.  
 ඔබට ගහන්නත් සජිත් ගාව කණ්ඩායමක් ඉන්නවා කියලා ඔබම කිව්වා?
ඔබට ගහන්නත් සජිත් ගාව කණ්ඩායමක් ඉන්නවා කියලා ඔබම කිව්වා?  
සජබෙත් ඔය මම කියන එක බක පණ්ඩිතයෙක් ඉන්නවා. මම ඉදිරියේදී ඒ නම කියන්නම්. යූඑන්පිය තුළත් ඔය වගේ පුද්ගලවාදයක් නිර්මාණය වෙලා තිබුණා. සජිත් මහත්තයා එක පොරොන්දුවක් දීලා තියෙනවා. ඔහුගේ අතින් එහෙම දෙයක් කවදාවත් වෙන්නේ නැහැ කියලා. එතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව එතුමාගේ පවර් එක අරගෙන බක පණ්ඩිතයො කටයුතු කරනවා නම් ඒක අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඒක විසඳගන්න පුළුවන් වේවි.  
 ගෝඨාභය රාජපක්ෂගේ දෑත ශක්තිමත් කරන්න අවශ්‍ය වෙලාව එනකම් පිරිසක් සජබය තුළ ඉන්නවා? ඔබේ නමත් එතැන තියෙනවා?
ගෝඨාභය රාජපක්ෂගේ දෑත ශක්තිමත් කරන්න අවශ්‍ය වෙලාව එනකම් පිරිසක් සජබය තුළ ඉන්නවා? ඔබේ නමත් එතැන තියෙනවා?  
මමත් එක මොහොතකදී.... මම අවංකව විවෘතව කතා කරන කෙනෙක්. එක මොහොතක් මට හිතුණා. මිනිසුන්ට ඡන්ද වුවමනා නෑ. මිනිසුන්ට පාන් කියාගන්න බැරිව ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයත් මමත් කල්පනා කළේ. කොහොමද මේක විසඳගන්නේ. එක්කෝ බාරකාර රජයකට යන්න ඕනැ. එහෙම නැත්නම් වැඩපිළිවෙළක් ඕනැ. මගෙ ප්‍රතිපත්තිය නම් මේ රට ගොඩ එනකම් මන්ත්‍රීවරයෙකු හැටියට අපි කැපකිරීම් කරන්න අවශ්‍යයි. එය කරන ක්‍රමය ගැනත් හිතන්න ඕනෑ. සජිත් මහත්තයත් එක්කත් මම මේ ගැන කතා කළා. ආණ්ඩුවකට උදව් කරන්න ඇමැතිකම් අරගෙන, වාහන අරගෙන ආරක්ෂකයො අරගෙන පිස්සු නටන්න අවශ්‍ය නෑ. වැඩපිළිවෙළකට අපට සහාය දෙන්න පුළුවන්.
සාකච්ඡාව :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 
																	 
																	 
																	 
																	 
																	 
																	