'මීළඟ ජනපති බිහිවන්නේ පොහොට්ටුවෙන්‘


(බිඟුන් මේනක ගමගේ)

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෙවත් පොහොට්ටුවෙන් යැයි එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා 'ලංකාදීප'යට පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීළඟ මහමැතිවරණයට ද ඉදිරිපත් වන්නේ යැයි ද එය ජයග්‍රහණය කර මීළඟ ආණ්ඩුව පිහිටුවන්නේ යැයිද කාරියවසම් මහතා කීය.

පොහොට්ටුව නමැති පක්ෂය බිහිකළේ මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකත්වයත් දර්ශනයත් මත පදනම්ව යැයි කී හෙතෙම එයට පැවැරී ති⁣බෙන්නේ ඓතිහාසික කාර්යභාරයක් යැයිද අවධාරණය කළේය.

අඩුම කාලයක් ඇතුළත වැඩිම බලයක් අත්පත් කරගත් පක්ෂය හැටියට දැනටමත් පොහොට්ටුව තබා ඇත්තේ ඓතිහාසික සලකුණක් යැයි ද කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.