(රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
පසුගිය රජය රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ කේන්දර බලන ශාස්ත්‍රකරුවන් යැයි සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
ලංකා බැංකුව සහ මහජන බැංකුව වාර්තාගත ලාභ ලබා තිබෙන බව පැවසූ සභානායකවරයා විගණකාධිපතිවරයාගේ වාර්තා අනුව ඉකුත් වසර තුන තුළ කිසිදු දූෂණයක් හෝ වංචාවක් හෙළි වී නැතැයි ද කීය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට අමතර පිළිතුරක් දෙමින් ඒ බව පැවසූ සභානායකවරයා මෙසේ ද කීය.
“පසුගිය රජය රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් කළේ ශාස්ත්‍රකාරයෝයි. ක්‍රියාකාර අධ්‍යක්ෂක වූයේ කේන්දර බලන අයයි. අපි එහෙම පත් කරන්නේ නැහැ. හැම අධ්‍යක්ෂවරයෙක්ම ඒ සඳහා පත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ යෝග්‍යතා පරීක්ෂණයෙන් පසුවයි. අපි පත්කරන්නේ හොඳ උගත් බුද්ධිමත් අය” යැයි ද කීය.