ශ්‍රී ලංගම සේවකයන්ට උසස්වීම්


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ට ක්‍රමවත් උසස්වීම් දීමේ ක්‍රමවේදයක් ඉක්මනින් ඇති කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය.

ඒ අනුව දැනට සිදුවී ඇති වැරදි නිවැරදි කිරීමට පියවර ගන්නා බවද කී රාජ්‍ය ඇමැතිවරයා 2015 ට පෙර ලංගම සේවකයින්ට මාසික වේතනය පවා ගෙවීමට මුදල් නොමැති තත්ත්යවක් තිබූ බවත් එමෙන්ම වර්තමානයේ සෑම ඩීපෝවකම ස්ථිර තැන්පතුව පමණක් රුපියල් කෝටිය ඉක්මවන බව කීය.