(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සුදුසුකම් ඇති සේවකයින් දේශපාලන පළිගැනීම් වලට ලක්කර වැරදී උසස්වීම් දීමේ ක්‍රමයක් ඇති කර ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය.
තමාගේ රජය සමයේදී දේශපාලන භේදයකින් තොරව සුදුස්සන්ට තනතුරු පිරිනැමු බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ මගින් අවිධිමත් කළමනාකරණ ව්‍යුහය වෙනස් කිරීමට හැකි වූ බවද කීය.