“මුදල් කතා කරන විට සත්‍ය නිහඬ වෙනවා කියලා රුසියානු කියමනක් තිබෙනවා. හකීම් ඇමැතිතුමා නොවෙයි කතා කළේ මුදල්. මේ යෝජනාවට ශ්‍රීලනිප මන්ත්‍රීවරු 22ක් ඡන්දය දුන්නාම තමුන්නාන්සේලාගේ තුනෙන් දෙකේ බලය ඉවරයි. මොණර කොළ ලැබුණා. මුහුණ නොබැලූ මන්ත්‍රීවරුන්ගේ මුහුණ මේ දවස්වල අගමැතිතුමා බැලුවා. ඒකත් ලොකු දෙයක්. මොණර කොළ දීලා පසුපෙළ මන්ත්‍රීවරු අරගෙන. මේ නිසා අද මේ පාලනය දෙදරුම් කාලා.
මස්කටු ලෙවකකා හිටපු ශ්‍රීලනිප ඇමැතිවරුන්ට මේ පැත්තට එන්න අවස්ථාව අපි සලසා දුන්නා.”
ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප):-
“මම මොණර කොළ ගත්ත බව කියනවා. ඒක වැරැදියි. මෙතුමාට පාස්පෝට් දෙකක් තියෙනවා.”
විමල් වීරවංශ මහතා:-
“දෙමළ ජාතික සන්ධානයට පොරොන්දුවක් දීලා මාස තුනකින් බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගේන බවට.”
(එජාප මන්ත්‍රීවරු කෑකෝ ගසති)
(සභාවේ ඝෝෂා)
විමල් වීරවංශ මහතා:-
“අද ඉන්නේ හොඳට ඇහුම්කන් දෙන රනිල්, නායකයෝ ගේන්න කැමැති රනිල්. හැබැයි අද රාත්‍රී 12න්
පස්සෙ ආයෙත් පැරැණි රනිල් ඉන්නවා. පරාජය කරා තමුන්නාන්සේලා අධිවේගයෙන් යනවා. දේශපාලන කනත්තටයි තමුන්නාන්සේලා යන්නේ.
ලක්‍ෂ 800කට මේ අය විකිණිලා ඉවරයි. පාක්‍ෂිකයෝ තමුන්නාන්සේලා ගැන බලයි. අගමැතිතුමාට වැඬේ දෙන්න බලන් ඉඳපු එජාප මන්ත්‍රීවරුන්ට හෙට ඉඳගෙන අගමැතිතුමා හොඳ පොලු පහරක් දේවි. අපි මේක ගෙනාවේ ඇමැතිකම් ගන්න නොවෙයි. දේශපාලන රසායනික පරිවර්තනය කරන්නයි අපි උත්සාහ කළේ.”