(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙහි ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ෂේප් න්‍යායක් අනුගමනය කර තිබෙන බව සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ත්‍රිවිධ හමුදාපතිවරුන් කැදවීමේ බලය තිබෙන්නේ ආරක්ෂක ඇමැතිවරයා වන ජනාධිපතිවරයාට පමණක් බව කී සභානායකවරයා ආරක්ෂක කවුන්සිලයට හෝ නොකැදවූ අගමැතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු නැතැයි ද සඳහන් කළේය.
එසේ වුවත් විශ්වාසභංගයේ දී ජනාධිපතිවරයා අමතක කර අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට සියලු චෝදනා එල්ල කර තිබෙන බවද සභානායකවරයා කීවේය.