අගමැතිතුමා ජනතාවට සංවේදී නැහැ


මේ යෝජනාවේ කරුණු 14 ක් තියනවා. මේ චෝදනාවන් ගැන එක මන්ත්‍රීවරයෙක්වත් කතා කළේ නැහැ. අගමැතිතුමා ජනතාවට සංවේදී නැහැ. විජාතික න්‍යාය පත්‍රයක් අතේ තියාගෙන ඉන්න අගමැතිවරයෙකුට තවත් වසර එකහමාරකට රට බාරදීම භයානකයි. මේ අගමැතිතුමා ජනතාවට වෛර කරනවා.

මේ යෝජනාවේ තිබෙන්නේ පරම සත්‍ය. විශ්වාසභංග යෝජනාව ගෙනාවේ කවුරුවත් කෝටි ගණන් සල්ලි සොයාගත්තේ තවත් පිරිසක්. ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල්ලු. මේ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂවීම පින්කමක්.

 අතුරුලියේ රතන හිමි-

මහ බැංකුව තුළ විශාල හොරකමක් මුදල් අවභාවිතයක් සිදුවුණා. මේ ආණ්ඩුව යහපාලනය කණපිට හැරෙව්වා. ඒක ගැන ඉතාම කනගාටුවයි. මේ ආණ්ඩුව එට්කා අත්සන් කරන්න හදනවා. රාජ්‍ය ආයතන විකුණන්න හදනවා. රටේ ඉඩම් ජාවාරම්කරුවන්ට දෙන්න යනවා. රට ඉතාම අස්ථාවරවෙලා. ඉකුත් මැතිවරණයේදී ජනතා මතය ප්‍රකාශ කළා. මම යෝජනාවලියක් දුන්නා. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ හිටපු ජනාධිපතිතුමාටත් ඒ යෝජනා දුන්නා. කළ යුතු හා නොකළ යුතු දේ එහි සඳහන් වෙනවා.

ග්ලයිෆේසේට් පිළිකා කාරකයක් ලෙස පිළිගන්නවා. මේක ඉතාම නරකයි. අපි කියන්නේ ගොවියන්ට සල්ලි දෙන්න. ගොවින්ට තීන්දුවක් ගන්න ඉඩදිය යුතුයි. ආණ්ඩුව දුර්වල නිසා පොහොර වෙලාවට දෙන්න බැරි වුණා.