(මොහොමඩ් ආසික්)
පාතදුම්බර ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීනව තරඟ කිරීමට ඇප මුදල් ද තැන්පත් කර තිබූ කණ්ඩායමක් සිය සහාය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය වෙත ලබා දීමට තිරණය කරනු ලැබ තිබේ.
පසුගිය කාලයේ වෙනත් ප්‍රබල දේශපාලන පක්ෂයක ආධාරකරුවන් වශයෙන් සිටි මෙම පිරිස මෙවර ස්වාධීනව තරඟ කිරීමට ඉදිරිපත්ව සිටි අතර ඔවුහූ රිෂාඩ් බදියුදීන් මහතාගේ මොණරා ලකුණින් වන සමස්ත ලංකා මහජන කොංග්‍රසයට සිය සහාය ලබාදීමට එම පක්ෂය හා එක්ව ඇති ගිවිසුමකට එළඹුණහ.