(අමල් වික්‍රමරත්න)
එක්සත් ජනතා නිදහස් සංධානය ගාලු දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 15 ක් සඳහා ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා හමුවේ ඇප තැම්පත් කළේය.
මෙම අවස්ථාවට පියසේන ගමගේ, චන්දිම වීරක්කොඩි, නිශාන්ත මුතුහෙට්ටිගම, මනුෂ නානායක්කාර, ගුණරත්න වීරකෝන් යන මැති ඇමති වරුන් සමඟ අපේක්ෂකයෝ පිරිසක් සහභාගී වූහ.
පළමු වටයේදී අම්බලන්ගොඩ,හික්කඩුව නගර සභා සහ නෙළුව,බලපිටිය,අක්මීමන යන පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දීම සිදු කෙරිණි.
අද දිනයේ ගාල්ල මහ නගර සභාව,අම්බලන්ගොඩ , කරන්දෙණිය, බෙන්තොට, ඇල්පිටිය, නාගොඩ, නියාගම, තවලම, බද්දේගම, යක්කලමුල්ල, බෝපේ-පොද්දල, හබරාදුව, රත්ගම, වැලිවිටිය-දිවිතුර, ඉමදුව යන පළාත්පාලන ආයතන වලට ඇප තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම් නායක පියසේන ගමගේ මහතා පැවසීය.
සන්ධානය ගාල්ලට ඇප තියයි
Recommended Articles