කේ බුද්ධික කුමාරසිරි
හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් භාණ්ඩ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 23 ක මුදල් වංචාවක් සිදු කළ බව කියන පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයකු ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා අද නියෝග කළේය.
එලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගගඉහළ පත්තුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මිලියන 23ක වංචාවකට එජාප අපේක්ෂකයා රිමාන්ඩ්
Recommended Articles