මැතිවරණ නීති උල්ලංඝනය කිරීමෙන් අපේක්ෂකයන් 37ක් සහ පුද්ගලයන් 310ක් අත්අඩංගුවට


අමල් වික්‍රමරත්න
 
මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම නිසා මේ වනවිට අපේක්ෂකයන් 37දෙනෙකු සහ තවත් පුද්ගලයන් 310දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.


ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව අද උදෑසන වනවිට  ලැබී ඇති පැමිණිලි සහ නීති උල්ලංඝනය කිරීම් සිද්ධි සංඛ්‍යාව 413ක් දක්වා ඉහළ ගොස් ඇතිබව පොලිස් මුලස්ථානය පවසයි.


එම පැමිණිලි අතර මැතිවරණ පැමිණිලි 298 ක් සහ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 115ක් වාර්තාවී ඇතිබව පොලිසිය පවසයි.


දෙසැම්බර් 09 වනදා පෙරවරු 06.00 සිට (27) අද පෙරවරු 06.00 දක්වා එම පැමිණිලි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව තොරතුරු ලැබී ඇතිබව පොලිසිය සඳහන් කරයි.


මේ පිළිබඳව අදාළ පොලිස්ථාන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


එම කාලය තුළ පැෆරල් සංවිධානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 642 සහ කැෆේ සංවිධානයට මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 232 වාර්තාවි ඇතිබව එම නිරීක්ෂණ සංවිධාන පවසයි.