මාර්තු 12 ව්‍යාපාරය දූෂීත අපේක්ෂකයන් 50 ක තොරතුරු සොයාගනී


(විනීතා එම් ගමගේ)

මහජන  නියෝජිතයෙකු වීමට කිසිසේත්ම නුසුදුසු දූෂීත අපේක්ෂකයන් 50 දෙනෙකු පිළිබඳ තොරතුරු මාර්තු 12 ව්‍යාපාරය සතුව ඇතැයි එම ව්‍යාපාරය කියයි.

ස්ත‍්‍රී දූෂකයෙක්, මිනී මැරුම් ඇතුළු දරුණු ගණයේ අපරාධකරුවන් හයදෙනෙක්, මුදල් වංචාකරුවන් 14 දෙනෙක්, පාතාල නායකයන් පස්දෙනෙක්, නීති විරෝධී මත්පැන් කසිප්පු ජාවාරම් හා සූදු අන්තුවන් 14 දෙනෙක්, ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ 06 දෙනෙක් හා දැව ජාවාරම් කරුවන් හතර දෙනෙක් මේ අතර සිටින බව මාර්තු 12 ව්‍යාපාරය අද(16) මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී එහි කැඳවුම්කරු සහ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය.

මොවුන් අතර ප‍්‍රධාන පක්ෂ හතරටම අයත් පුද්ගලයින් සිටින බව ද හෙට්ටිආරච්චි මහතා පැවැසීය.