බේරුවල හිටපු අලියෙක් හාවාගේ පිහිට පතයි


(තුසිත කුමාර ද සිල්වා)                        

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අතහැර නගර සභාව නියෝජනය කිරීමට ‘‘හාවා’’ සලකුණින් යුත් ස්වාධීන කණ්ඩායමක නායකත්වය ගෙන ඉදිරිපත් වන බව බේරුවල නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් වසර 18ක් නගරාධිපතිවරයකු මෙන්ම විපක්‍ෂ නායක ධූරයේ ද කටයුතු කළ මසාහිම් මොහමඩ් මහතා අද(14) පැවසීය. 

හිටපු කතානායකවරයෙකු වූ දිංවගත බාකිර් මාකර් මහතාගේ බෑණා මෙන්ම හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ මස්සිනාවූ බේරුවල නගර සභාවේ හිටපු නගරාධිපති මසාහිම් මොහමඩ් මහතා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේ සිට බේරුවල ප‍්‍රදේශයේ සිටි ප‍්‍රබල මහජන නියෝජිතයෙකි. 

පසුගිය රජයේ හිටපු ජනාධිපති වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ බේරුවල නගර සභාවේ උප නගරාධිපතිවරයෙකු වූ සජිත් දේවප‍්‍රිය සහ නගර සභික උවයිස් පස්මි යන මහත්වරුන්ද තමා සමග එක්ව කටයුතු කරන අතර එවකට එජාප ය නියෝජනය කළ නගර සභික මොහමඞ් අර්ෆත් ජව්ෆර් මහතාද එජාපයෙන් ඉවත්ව තමා සමග එක්වූ බව කියා සිටියේය.