(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට හා ඇල්පිටිය ප්‍රාදේශීය සභා සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අද (21) ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා නාම යෝජනා බාර දුන්නේය.
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභිකයන් 21 දෙනකු තෝරා ගැනෙන අතර කොට්ඨාස සංඛ්‍යාව 13ක් ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වන සභිකයන් සංඛ්‍යාව අට දෙනෙකි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරු 28 දෙනකු පත්විය යුතු අතර ඉන් 17 දෙනකු කොට්ඨාස මට්ටමින් ද 11 දෙනකු ජාතික ලැයිස්තුවෙන් ද තෝරාගැනීමට නියමිතය.


