බිරිඳගේ නම අතිරේක ලැයිස්තුවට දැම්මාට පොලිස්ථානාධිපතිට මාරුවක්


(උපාලි ආනන්ද)

නීතිඥ බිරිදගේ නම  මෙවර පලාත් පාලන මැතිවරණයට  ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අනුරාධපුර මහ නගර සභාවේ අතිරේක ලැයිස්තුවට  ඇතුලත් කර තිබීම හේතුවෙන්  එම නීතිඥවරියගේ පොලිස් ස්ථානාධිපති සැමියාට වහාම ක‍්‍රියාත්මක වන පරිදි අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ සිට හලාවත පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබාදී තිබේ. 

ජාතික මැතිවරණ කොමිසමේ නිර්දේශය මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග අනුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි අදාල ස්ථාන මාරුව ක‍්‍රියාත්මක කර ඇත. 

මෙලෙස හලාවත පොලිස් කොට්ඨාසයට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත්තේ අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුජිව කුමාර මහතායි. 

ඔහුගේ බිරිද වන නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක මහත්මියගේ නම  මෙවර පලාත් පාලන මැතිවරණයට අනුරාධපුර මහ නගර සභාවේ  ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්  අතිරේක ලැයිස්තුවට ඇතුලත් කර තිබේ.