පොහොට්ටුවේ අපේක්ෂකයාට පහරදුන් දෙදෙනෙක් අත්අඩංගුවට


චන්දන ජයවීර
 
පොදුජන පෙරමුණෙන් ආගරපතන ප්‍රාදේශිය සභාවට තරඟ කරන අපේක්ෂකයෙකුට පුද්ගලයින් තිදෙනෙකු පහරදි තිබේ. පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඩයගම පොලිසිය පවසයි.
 
මෙසේ පහර කෑමට ලක්වූ අපේක්ෂකයා ඩයගම රජයේ ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍ර‍තිකාර බලමින් සිටින අතර පහර කෑමෙන් ඔහුගේ කණ ප්‍රදේශයට හා අතකට තුවාල සිදුවී තිබේ. 
 
ලංකා කම්කරු කොංග්‍ර‍සයේ ආධාර කරුවන් තිදෙනෙක් තර්ජනය කර පහර දුන් බවට පොදුජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයා  පොලිසියට පැමිණිලි කර තිබෙන අතර. සිද්ධිය සම්බන්ධයෙන් ඩයගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.