පොහොට්ටුවේ අපේක්ෂකයා තමන්ගේම ආධාරකරුට පහරදෙයි


(ඩබ්.ඒ.පියතිලක)

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන්  මැදිරිගිරිය ප‍්‍රාදේශිය සභාවට තරග වදින ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු තමන්ට පහර දුන් බව කියමින් එම අපේක්ෂකයාගේම ආධාරකරුවකු පැමිණිලි කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි.

මෙසේ පහර කැමට ලක්ව ඇත්තේ මැදිරිගිරිය දියසෙන්පුර කේ කේ කරුණාරත්න ප‍්‍රනාන්දු නැමැති පුද්ගලයකු  බවත් මෙම පුද්ගලයාට පහර දි ඇත්තේ ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු වන මැදිරිගිරිය ප‍්‍රාදේශිය සභාවට තරග වදින ජේ කේ මුදියන්සේ ජාවර නැමැත්තා විසින් බවත් පැමිණිල්ලේ සදහන් කර ඇත.