තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
මහරගම සහ තිරප්පනේ නගර සභා සඳහා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම විභාග කරන්නේ නැද්ද යන තීන්දුව හෙට (19) ප‍්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම සහ තිරප්පනේ නගර සභා සඳහා ඉදරිපත් කළ නාමයෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ ලේකම් ගොනු කළ පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්ත්, නලීන් පෙරේරා හා බුවනෙක අළුවිහාරේ යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලිණි.
මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් පක්ෂ ලේකම්වරු , ඒ ඒ පක්ෂ වල පළාත් පාලන අපේක්ෂකයෝ සහ නීතීපතිවරයා ඇතුළු අටදෙනෙක් නම්කරනු ලැබ සිටිති.
පෙත්සම සලකා බැලීම ගැන තීන්දුව හෙට
Recommended Articles