හිරාන් ප්‍රියංකර ජයසිංහ
ඉදිරි පළාත් පාලන මැතිවණයේදී පුත්තලම සහ කල්පිටියට ඉදිරිපත් වීමේ අරමුණින් එක්සත් ජාතික නිදහස් පෙරමුණ අද ( 18 ) පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදි ඇප තැම්පත් කළේය.
මෙම වසරේදී දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ඡන්ද ලකුණ කෙසෙල් ඇවරියයි. එහි ලේකම්වරයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාය.
එක්සත් ජාතික නිදහස් පෙරමුණෙන් තරඟ වදින පිරිස පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක නිමල් ඒකනායක සිටියි. ඔහු ප්‍රාදේශීය සභාවට පසුගියවර තේරී පත්වූයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි. ඔහුට එජාපයෙන් තරග කිරීමට නාම යෝජනා නොලැබීම නිසා මෙවර එක්සත් ජාතික නිදහස් පෙරමුණෙන් තරග කිරීමට තීරණය කර තිබේ.
පුත්තලමට සහ කල්පිටියට කෙසෙල් ඇවරියෙන් නම් දෙයි
Recommended Articles