නව ස්වාධීන කණ්ඩායමක් කල්පිටියට ඇප තබයි


(පද්මා කුමාරී කංකානම්ගේ )

පළාත් පාලන මැතිවරණයේ කල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරි පත් වන නවතම ස්වාධීන පක්ෂයක්වන "අපේම ධීවර ගොවි කම්කරු එකමුතු ජනතා සංධානයේ "ඇප මුදල් තැන්පත් කිරීම එහි ලේකම්,පුත්තලම දිස්ත්‍රික් ධීවර සම්මේලනයේ සභාපතිවන  ඩබ්ලිව්.ජේ.කැමිලස් පෙරේරා මහතා විසින් අද(12) පුත්තලම මැතිවරණ කාර්යාලයේ දී සිදු කෙරිණි.

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ක් සඳහා ජනතා නියෝජිතයින් 19 ක් තෝරා ගැනීමට නියමිතය.