ජවිපෙ කාර්යාලයක කටවුට්වලට ගිනි


(උපාලි රණවීර)

දොම්පේ ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්ෂක නිමල් ධර්මදාස මහතාගේ දංගල්ල පක්ෂ කාර්යයාලයේ කටවුට් කඩා ගිනිතැබීම සම්බන්ධයෙන් පුගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අද(21) අලුයම මෙම ගිනි තැබීම සිදුකර ඇති අතර එයට විරෝධය පළ කිරීම සදහා පක්ෂ ක්‍රියාකාරීහු අද පෙරවරුවේදී එම කාර්යාලය අසල විරෝධතාවයකද නිරත වුහ.