ජවිපෙ අපේක්ෂකගේ රිය ගිනි තබයි


(අජිත්ලාල් ශාන්තඋදය)

ඇඹිලිපිටිය නගර සභාවේ යෝධගම කොට්ඨාසයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරගවදින අපේක්‍ෂක  ඉන්දික ප‍්‍රසාද් ගුණසිංහ මහතාට අයත් මෝටර් රථයට අද(18) අලූයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතිබවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය කියයි.

ඇඹිලිපිටිය, පනාමුර පාරේ ෆයින්සිටි නිවෙස් පාරේ පිහිටි සිය නිවස ඉදිරිපිට මෙම මෝටර් රථය නවත්වා තිබූ අවස්ථාවේ අලූයම දෙකයි විස්සට පමණ ගිනි ගන්නවා දැක නිවා දැමු බවද ඉන්දික ප‍්‍රසාද් ගුණසිංහ මහතා පොලිසියට පැමිණිලි කර තිබුණි.

භූමිතෙල් පෙඟවූ ගෝනි ටයර්වලට දමා ගිනි තබන්නට ඇතැයි සැකකරයි.