කොමියුනිස්ට් පක්ෂයේ නාමයෝජනා අත්සන් තබයි


සුදත් එච්. එම්. හේවා 
 
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාළාත් පාලන ආයතන කිපයකට කොමියුනිස්ට්  පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් කිහිප දෙනෙක් අද (17)  හැටන් සි.ඩබ්ලිව්.එෆ් ශාලාවේදි නාමයෝජනා අත්සන් කළහ.
 
ඒ අනුව කොමියුනිස්ට් පක්ෂය මෙම මැතිවරණයේ දී හැටන් දික්ඔය නගර සභාව, අඹගමුව, නොර්වුඩ්, මස්කෙළිය, කොටගල යන ප්‍රාදේශිය සභා සඳහා තරුව ලකුණින් තරග කරනු ඇත.
 
කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික මෝහන් සුබ්‍රමණියම්, කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නිතිඥ ඒ. පි. කනපතිපිල්ලේ යන මහත්වරුන් ඉදිරියේ මෙම අපේක්ෂකයෝ නාමයෝජනා අත්සන් කළහ.
 
ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ කදුරට අංශය හා කදුකරයේ ප්‍රගතිශිලි කණ්ඩායම් කිපයකින් සැදුම්ලත් කදුරට වමේ පෙරමුණක් ලෙස මෙවර පළාත් මැතිවරණයේදි තරග කරන බව  මෝහන් සුබ්‍රමණියම් මහතා පැවසීය.