(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
යතුරු පැදිවලින් පැමිණි මුස්ලිම් කොන්ග්‍රස් ආධාරකරුවන් දෙදෙනකු මුන්දලම කනමුල්ල ප්‍රදේශයේදි තමන්ට තර්ජනය කළ බව කල්පිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා මුන්දලම පොලිසියට පැමිණිලි කර තිබේ .
කල්පිටිය එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක එම් .එන්.එච් . නස්මි මහතා මෙසේ මුන්දලම පොලිසියට පැමිණිලි කර ඇත්තේ තමන් එජාපයෙන් තරග වදින අපේක්ෂකයකුගේ රැස්විමක් අමතා එමින් සිටියදි මුස්ලිම් කොන්ග්‍රස් ආධාරකරුවන් දෙදෙනෙකු පොලු මුගුරු සහිතව යතුරු පැදිවලින් පැන්නූ බවයි.
තමන්ට කිසියම් පහර දිමක් හෝ වෙනත් අපරාධයක් කරන්නට මොවුන් පැමිණි බවත් තම රියදුරාට මෝටර් රථය අධික වේගයෙන් ධාවන කිරිමට උපදෙස් ලබා දි කෙලින්ම මුන්දලම පොලිසියට පැමිණි බවත් ඔහු පවසා තිබේ.
කෙසේ නමුත් යතුරු පැදිවලින් පැමිණි දෙදෙනා ද මුන්දලම පොලිසියට පැමිණිලි කර තිබුණේ තමන් සතුව පිස්තොලයක් ඇති බවත් නටාගෙන ආවෙත් වෙඩි තබා මරා දමන බවටත් කල්පිටිය සංවිධායකවරයා තමන්ට දුරකථනයෙන් පැවසු බවයි.