කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෙකුට ගල් ප්‍රහාරයක්


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
මෙවර පළාත් පාලන මැතිවරණයේදී අඹගමුව ප්‍රාදේශීය සභාවට තරඟ වදින ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයෙකු වන මුරලි රගුනාදන් මහතාගේ කාර් රථයට අද (26) හැටන් වතු ප්‍රදේශයකදී  පුද්ගලයෙකු සැඟවී සිට ගලකින් පහර දුන් බවට ඒ මහතා  හැටන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.
 
මෙම ගල් ප්‍රහාරයෙන් මුරලි රගුනාදන් මහතාගේ මෝටර් රථයේ දකුණු පස පැති වීදුරුවකට බරපතල හානි සිදුව ඇති අතර රගුනාදන් මහතාට සීරීම් තුවාල සිදුව ඇති බව පොලීසිය පවසයි.
 
මුරලි රගුනාදන් මහතා හැටන් “චිත්‍රා” තේ වතුයායේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී මෙම ගල් ප්‍රහාරයට ලක්වූ බවට පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.