නයනජීව බණ්ඩාර
බඩල්කුඹුර ප්‍රාදේශිය සභාව සඳහා තරගවදින එ.ජා.ප අපේක්ෂකයකු බඩල්කුඹුර කරදගම යටිමුල්ල ප්‍රදේශයේදි සංවිධානය කළ රැස්විමකට පැමිණි ආධාරකරුවකු පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබු පුද්ගලයා පවසන්නේ තමන්ට පහර දුන්නේ මෙවර බඩල්කුඹුර ප්‍රාදේශිය සභාව සදහා තරගවදින අපේක්ෂකයකු බවයි. ඔහු ඇමැතිවරයකුගේ ලේකම්වරයකු බව ද පහරකෑ පුද්ගලයා කියා ඇත.
බඩල්කුඹුර ප්‍රාදේශිය සභාව සදහා එ.ජා.ප තරග වදින චන්න ප්‍රදිප් චාපා බන්ඩාර මහතා සංවිධානය කළ රැස්ව්මක ඇමැති ලේකමිවරයා කථා කරමින් සිටිය දී පිරිසක් හූ තබා ඇතැයි ද, ඉන් පසු ලේකම් ඇතුළු පිරිස පහර දී ඇතැයි ද අනාවරණය වී ඇත.
ඇමැති ලේකම් පහරදුන්නැයි පුද්ගලයෙක් රෝහලේ
Recommended Articles