ආයතන කිහිපයකට සන්ධානය කුකුළාගෙන් එයි


රංජිත් රාජපක්‍ෂ        
 
ලංකා කම්කරු කොංග්‍රසය එකසත් ජනතා නිදහස් සන්ධානය සමඟ කුකුළා ලකුණින් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා තරග වදින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා පැවසීය.
 
ඒ සඳහා නාමයෝජනා අත්සන් කිරීම කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයේ මූලස්ථානයේදී අද සිදු විය.    
 
හැටන් දික්ඔය නගර සභාව, මස්කෙළිය, නොර්වුඩ්, කොටගල, ආගරපතන සහ නුවරඑළිය ප්‍රාදේශීය සභා වලට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වී කුකුලා සලකුණීන් තරග කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසය පවසයි.