වසන්ත චන්ද්‍රපාල
අම්පාර දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 12 ක් සඳහා නාම යෝජනා ලබා ගැනිම අද (14) සිදුවු අතර මෙම පළාත් පාලන ආයතන සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 64 ක් සහ ස්වාධීන කණ්ඩායම් 07 ක් ඉදිරිපත්වි තිබේ.
මෙම නාම යෝජනා වලින් පිළිගත් දේශපාලන පක්ෂ හයක සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අම්පාර දිස්ති‍්‍රක්කයේ දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව ප‍්‍රාදේශිය සභා දෙකට ඉදිරිපත් කරන නාම යෝජනා ප්‍රතික්ෂේප වි තිබේ.
බලයලත් නියෝජිතයකු භාර නොදිම නිසා මෙම නාම යෝජනා පත‍්‍ර දෙක ප්‍රතික්ෂේප වු බව අම්පාර තේරීම් භාර නිලධාරි තුසිත පි වනිගසිංහ මහතා පැවසිය.
ජාතික ක්‍රොංග්‍රසය සමන්තුරේ ප‍්‍රාදේශිය සභාවට ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රය ද ප්‍රතික්ෂේප වි ඇති අතර ඉලංගෙයි තමිල් අරුසු කචිචි පක්ෂය නාවිදන්වැලි සහ අලයඩිවෙම්බු ප‍්‍රාදේශිය සභාවට ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.
ඉලංගෙයි මහජන ක්‍රොංගසය අක්කරපත්තුව මහ නගර සභාවට ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රය ප්‍රතික්ෂේප විය. අක්කරපත්තුව මහා නගර සභාවට ස්වාධින කණ්ඩායමක් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රය සහ නාවිදන්වැලි ප‍්‍රාදේශිය සභාවට ස්වාධින කණ්ඩායමක් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත‍්‍රයද ප්‍රතික්ෂේප වි ඇති බව අම්පාර තේරීම් භාර නිලධාරි තුසිත පි වනිගසිංහ මහතා පැවසිය.
කාන්තා නියෝජනය අඩුවිම බලයලත් නියෝජිතයින් නොමැතිව ඉදිරිපත් කිරිම යන කරුණු නිසා මෙම නාම යෝජනා පත‍්‍ර ප්‍රතික්ෂේප වු බවද පැවසිය.