මව් සිහින සැබෑකර යළි උපන් දරුවෙක්


• පොළඟකු දෂ්ට කර වයස 20 දි මිය ගිහින්
• යහළුවකුගේ බිරිඳකගේ කුසින් යළි ඉපදිලා

 

දරුවන් පිළිසිඳ ගන්නා මව්වරුන්ට දක්නට ලැබෙන සිහින පිළිබඳව ඇතැම් විට මනෝ විද්‍යා පර්‌යේෂණ අතරින් අසන්නට ලැබේ. ඒ අතර පුනර්භව පර්යේෂණ අතරට ද මව්වරුන් දක්නට ලැබූ සිහින පිළිබඳව අනාවරණය වේ. බොහෝ විට එම මව්වරුන් දුටු සිහින පෙරභවය හෙළි කළ දරුවා මව් කුස පිළිබඳ ගැනීමට පෙර දක්නට ලැබූ සිහින පුනර්භව සාධකවලට ප්‍රබල සාක්කි බවට පත්වූ අවස්ථා ඇත.

පුනර්භව පර්‌යේෂණවල දී එම මව්වරුන් දුටු සිහින (Announcing Dreams) යනුවෙන් හඳුන්වනු ලැබේ. පෙරභවය හෙළිකළ දරුවකුගේ උපත සිදුවීමට පෙර මවක දක්නට ලැබූ අතිශය පුදුම සිහිනයක් ගිනිගත්හේනේදී පර්‌යේෂණයකට ලක්වූ පුනර්භව සාධකයකින් හෙළිවිය. එම දරුවා අනාවරණය කළේ පොළගෙකු දෂ්ට කිරීම නිසා මරණයට පත්වූ තරුණයකුගේ ජීවි තොරතුරුය. විමලවීර නම් එම තරුණයා මරණයට පත්වූයේ 1976 දෙසැම්බර් 27 වැනිදාය. ඒ වන විට විමලවීර පදිංචිව සිටියේ ගිනිගත්හේන නගරය ආසන්නයේය. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටි ඔහු සහෝදර සහෝදරියන්ට සහ මවට සහාය වෙමින් නිවසේ වැඩකටයුතුවලට වගකීම බාරගෙන ක්‍රියා කළේය. නිරෝගී තරුණයකු වූ ඔහු එදා දෙසැම්බර් 20 වැනිදා වන විට විසිවන උපන් දිනය පසුකර තිබුණි. වේලාව රාත්‍රී හත පමණ විය. නිවෙසේ සිට මාර්ගය දෙසට යාමට පිටත් වූ ඔහු මව අමතා වෙළෙඳසලකට යන බැව් පවසා නිවෙසින් පිටත් වීය. එහෙත් ඒ පිටත්ව ගියේ ඔහුගේ අවසන් ගමන යයි නිවෙසේ කිසිවෙක් නොසිතූහ.

නගරයට යන විට හමුවන පාසල පසුකර ටික දුරක් ගිය ඔහුට කකුලකට කිසියම් දෙයක් වැදෙන අයුරු දැනුණි. පාදය ඉන් ඉවතට ගත් ඔහු තවත් අඩි කීපයක් ඉදිරියට ගමන් කළේය. පාදයෙන් වේදනාවක් දැනෙන්නට විය. කිසියම් විසකුරු සර්පයකු දෂ්ට කළේද යන්න ඔහුට සිතුණි. දෂ්ට කළ සර්පයා පොළගෙකු විය හැකි යැයි ද ඔහුට සිතුණි. වහා නිවෙසට ගිය ඔහු මවට ඒ බැව් පැවැසීය. දැඩි සේ කලබලයට පත්වූ නිවෙසේ අය ඔහු වහා සර්ප විසට ප්‍රතිකාර කරනු ලබන සර්ප විස වෛද්‍යවරයෙකු නිවෙසට කැඳවීය.

මාව සනීප කරන්න පුළුවන් ද? ඔහු වෛද්‍යවරයාගෙන් විමසා සිටියේය. පොළගෙකු දෂ්ට කිරීම බරපතළ සිදුවීමක් බව ඔහු දැන සිටි නිසා සුවකළ හැකිද යන්න ඔහු නිතර කීප විටක්ම විමසා සිටියේය. පුරා සතියක පමණ කාලයක් ගතවිණි. තම ප්‍රතිකාරවලින් නියත වශයෙන්ම සුවය ලැබේ යැයි වෛද්‍යවරයා කියා සිටියේය. එහෙත් ඔහුට සුවයක් නොලැබුණි.

තම සිරුරෙන් දැවිල්ලක් දැනෙන බැව් ඔහු මව සමග කීවේය. විමලවීර වහා පෞද්ගලික වෛද්‍යවරයකු වෙත ගෙන යනු ලැබීය. එම වෛද්‍යවරයාගේ උපදෙස් මත ඔහු නාවලපිටිය රෝහල වෙත රැගෙන ගියේය. එහිදී වහා ප්‍රතිකාර ආරම්භ කෙරිණි. හදිසියේ අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඔහු රෝහල් ඇඳ මත සිටියදීම අවසන් හුස්ම හෙළීය. ඔහුගේ හදිසි වියෝවීම අසල්වැසි සියලු දෙනාටම බලවත් ශෝකයට හේතු විය. සිරුර භූමදානය කිරීමේ අවමංගල උත්සවයට බොහෝ පිරිසක් පැමිණියහ.

වසන්ත දරුවා

විමලවීර තරුණයාගේ හිතවත් මිතුරකු වූ අසල්වැසි නිවෙසක පදිංචිව සිටි කරුණාරත්න මහතා සිය බිරිය වූ ප්‍රේමලතා ද සමගින් එම අවමංගල්‍යයට සහභාගි වූහ. රාත්‍රී මධ්‍යහ්නය වනතුරුත් එම මරණය ගැන කතාබහ කරමින් සිටි ප්‍රේමලතා නින්දට පිවිසියාය. සුදු පැහැ ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයකු ඇය වෙත පැමිණියේය. උඹට මීළඟට ලැබෙන දරුවා මියගිය තරුණයාගේ නම පවසා ඔහු බව කීවේය. බියපත් වූ ප්‍රේමලතා අවදි වී ඇය දුටු සිහිනය සැමියා සමග ද පැවැසුවාය. මළගෙදර ගිය නිසා දුටු සිහිනයක් බැව් පැවසූ සැමියා ඇය සැනසුවේය.
මාස කීපයක් ගත විය. දරුවෙකු පිළිසිඳ ගැනීමක් සිදුවී ඇති බැව් ප්‍රේමලතාට දැනුණි. දරුවා බිහිවීමේ කාලය සම්පූර්ණවීමත් සමග ඇය රෝහල් ගත කළාය. 1976 සැප්තැම්බර් 17 වැනිදා ඇය පිරිමි දරුවකු බිහි කළාය. එම දරුවාට වසන්ත යනුවෙන් නම් තැබිණි. දැඩි ආදරයෙන් ඇතිදැඩි වූ දරුවා නිතර නිතර සිහිනෙන් බියපත් වන්නට විය. කුඩා දරුවන් ඇතැම් විට සිහිනෙන් බියපත්වීම සාමාන්‍යයෙන් සිදුවන්නක් යයි දෙමාපියෝ සිතූහ. එහෙත් වසන්තගේ බියපත්වීම විශේෂත්වයක් දක්නට ලැබිණි. මේ අයුරින් වසරක් පමණ ගතවන විට ඔහුට වචන උච්චාරණය කළ හැකි විය.

දිනක් සිහිනෙන් බියපත් වූ දරුවා ‘කුයිය කෑවා, කුයිය කෑවා’ යැයි හඬ නගා කීවේය. දරුවා කෘමියෙකු විසින් හෝ දෂ්ට කර ඇතිදැයි බව පරීක්ෂා කළාය. එහෙත් එවැන්නක් දක්නට නොලැබිණි. ඒ අතර පාදයක පහළ කොටසට අත දිගු කරමින් කෑවා කෑවා යැයි පවසන්නට විය. තම දරුවා මෙසේ පවසන්නේ ඇයිද යන්න මවට ගැටලුවක් විය. දිගින් දිගටම පාදය පෙන්වමින් එම ස්ථානය පෙන්වමින් මෙතන තමයි කෑවේ යැයි කියන්නට විය.

ඒ පිළිබඳව උනන්දු වූ මව පුත්‍රයාගෙන් ප්‍රශ්න කළේය.

මොකාද කෑවේ’  යයි මව දිනක් වසන්තගෙන් ප්‍රශ්න කළාය. එයට පිළිතුර නොදුන් දරුවා නැවත පැවසුවේ පාදය දෙසට අත දිගුකරමින් එම ස්ථානය කෑ බවකි. ‘කකුල කෑවේ කොහේදිද?’ යැයි මව නැවත විමසුවාය. එක්වරම එයට පිළිතුරු දුන් දරුවා,

වසන්ත සිය මව සමග

ඉස්කෝලෙ ළඟදී’ යැයි පැවසුවේය. මේ අතර ඔහුගේ මුවින් පිටවන ඇතැම් වචන වැඩිහිටි තරුණයකුගේ විලාසය දැක්විණි.

මචං’ යන වදන ද ඔහු පවසන්නට විය. වසන්තගේ නිවෙසේ භාවිත නොවන වදන් වූ ‘ජොලියට’, ‘නියමෙට’ යන වදන් ද ඒ අතර විය. වයස අවුරුදු දෙකක් පමණ වන විට වසන්තට ඉතා හොඳින් කතා කළ හැකි විය. මේ වන විට වසන්ත පිළිබඳව දෙමවුපියන්ට සැකයක් මතු වී තිබුණි. මව වූ ප්‍රේමලතාට තමා වරෙක දුටු සිහිනයද සිහිපත් වී තිබුණි. එහෙත් ඒ පිළිබඳව ඇය පුංචි දරුවාගෙන් කිසිදු විමසීමක් නොකළාය.

දිනක් ගෙවත්තේ යන පුංචි සර්පයකු දුටු දරුවා දැඩි ලෙස බියපත් වී මව වැලඳගෙන ‘අනේ කකුල කයි ද දන්නේ නැහැ ළඟට යන්න එපා’ යැයි කෑගසන්නට විය. ඒ සමගම මවුපියන් පුදුමයට පත් කරවමින් පෙරභවයේ නම හෙළි කළේය. දිනක් මව අමතමින් එහිදී, ‘%ඉස්කෝලෙ ළඟදි මගේ කකුල කෑවා. මගේ නම විමලවීර’ යැයි පැවැසීය. තම පුත්‍රයා පෙරභවය ගැන හෙළි කිරීමට උත්සාහ ගන්නා බැව් මවුපියන්ට වැටහුණි. පෙර නිවෙස පිහිටා ඇති ප්‍රදේශයත් එහිද සොයුරු සොයුරියන් සිටි බවත් පැවැසීය. මව ගෙදර සිටින බවද පැවසූ ඔවුන්ට වෙළෙඳසලක් තිබූ බැව් ද කීය. තම පුත්‍රයා හෙළිකරනු ලබන්නේ මියගිය තරුණයාගේ ජීවිත තොරතුරු බැව් පැහැදිළිවම මවුපියන්ට දක්නට ලැබිණි. එහෙත් එය ඒ වන විටත් රහසක්ව තබා ගැනීමට ඔවුහු උත්සාහ කළහ.

එහෙත් ටික දිනක් ගතවන විට නිවෙසට එන යන අය සමගද වසන්ත සිය පෙරභව තොරතුරු අනාවරණ කරන්නට විය. මෙම කතා බහ පෙරභවයේ නිවෙසට ද ආරංචිය ලැබිණ. ඒ අනුව පෙරභව සොහොයුරෙකු වසන්ත බැලීමට නිවෙසට පැමිණියේය. එහිදී ඔහු දුටු සැණින් වසන්ත ඔහු හඳුනාගනු ලැබීය. අනතුරුව පෙරභව නිවෙසට යෑමට  ඔහුට අවස්ථාව ලැබුණි. වසන්ත දරුවා පෙරභව නිවෙසට යෑමෙන් පසු ඒ පිළිබඳ පර්‌යේෂණයක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබුණි. මහාචාර්ය ස්ටීවන්සන් ද වසන්ත පිළිබඳව පර්‌යේෂණයක් මෙහෙය වීය.

වසන්ත ගිය පෙරභවය පිළිබඳව හෙළිකර තිබූ කරුණු ලැයිස්තුවක් ලෙස පිළියෙල කිරීමට හැකි විය. එහිදී ඔහු අනාවරණය කරුණු කීපයක් මෙසේය.

ස්කෝලෙ ළඟදි සර්පයා දෂ්ට කළා.
ගෙදර අම්මා සිටිනවා
සොහොයුරන් සිටිනවා
වෙළෙඳසලක් තිබුණා
නිවසේ කුකුළො ඇති කළා.
ගවගාලක් තිබුණා.
නිවසේ සිටි සුනඛයා පිළිබඳ විමසීම

‘කකුල කෑවා, කකුල කෑවා.’ යනුවෙන් පොළඟා දෂ්ට කළ ස්ථානය පෙන්වා දීම ද ඒ අතර වෙයි.

වසන්ත සිය මිත්තනිය සමග

වැඩිහිටියෙක් ලෙස තරුණයන් භාවිතා කරන වදන් රැසක් ඉතා කුඩා අවදියේ සිට පැවැසීමද විශේෂත්වයක් විය.
වසන්ත සිය පෙරභව නිවෙසට ගිය දිනයේ සිදුවූයේ කුමක්ද යන්න පෙරභවයේ මවගෙන් විමසීමට අපට අවස්ථාවක ලැබිණි. ඒ පිළිබඳව මවට ඉදිරිපත් කළ ප්‍රශ්නත් මව දුන් පිළිතුරුත් පර්‌යේෂණ වාර්තාවේ සඳහන් වන අයුරින්ම මෙසේය.

ප්‍රශ්නය:- වසන්ත දරුවා පිළිබඳව ඔබ දැනගත්තේ කෙසේ ද?
පිළිතුර:-
 එම දරුවා පුනරුත්පත්තියක් හෙළිකරන බවක් මට ආරංචි වුණා. ඒ අයව මම දැන හැඳිනගෙන හිටියේ නැහැ. ඒ වුණාට වසන්තගේ පියයි මැරුණ මගේ පුතයි තරමක් දැන හැඳින ගැනීමක් සිදුවී තිබුණ බව මා දන්නවා. එදා එයා ගෙදරට පැමිණි දිනයේ එයා හැසුරුණේ හොඳට හුරුපුරුදු කෙනෙක් විදියටයි. එයා මාව අඳුනගෙන අම්මා කියල කිව්වේ නම් නෑ. ඒ වුණාට එයා ගේ ඇතුළට ඇවිත් එයාගේ කාමරයට ගියා. ඒ යන විට කාමරේ වතුර වගයක් බිම හැළිලා තිබුණා. එය දුටු ගමන් වසන්ත ‘කව්ද මගේ කාමරේ වතුර හලලා’ යැයි කීවා.

ප්‍රශ්නය:- කාමරයට විතර ද ගියේ?
පිළිතුර:- 
නෑ ගේ හැමතැනම ඇවිද්දා

ප්‍රශ්නය:- මගේ කාමරය කියල එයා කිව්වේ ඇයි?
පිළිතුර:-
 ඒ කාමරයෙ තමයි එයාගේ දේවල් තිබුණේ.

ප්‍රශ්නය:- ඊට පස්සේ මොකද වුණේ?
පිළිතුර:- 
ඒ කාලෙ හිටපු බල්ලා ගැනත් නිවෙසේ සිටි කුකුලො ගැනත් ඇසුවා. ඒ වන විට ගෙදර හිටපු ගවයන් පැත්තට ගිහින් අන්න එළදෙන ඉන්නවා කියල කෑගැසුවා.

ප්‍රශ්නය:- එයින් අදහස් කළේ කුමක් ද?
පිළිතුර:- 
එයා සිටින විට සිටි එළදෙන සිටි නිසා ඒ සතාව හඳුනාගෙන බැව් අපට වැටහුණා.

ප්‍රශ්නය:- ඔය සිදුවීම් අනුව ඔබේ මියගිය පුත්‍රයා වසන්ත ලෙස උපත ලැබුවේ ද යන්න ඔබ විශ්වාස කරනවා ද?
පිළිතුර:- 
ඔව්. එදා එයා ගෙදරට ඇවිත් හැසුරුණ අන්දමත් අපේ ගෙදර ගැන හෙළිකරල තිබුණු තොරතුරුත් ඇත්ත. එයාගේ කකුල පෙන්නල එතනට සර්පයා දෂ්ට කළ බැව් කීමත් නිවැරදියි. පුතාව පොළඟෙකු දෂ්ට කරල තිබුණෙ එයා හෙළිකරපු ස්කොලෙ ළඟදි තමයි. ඒ පුංචි දරුව එම තොරතුරු කියන්නෙ පෙරභව දැනුමකින් කියල පැහැදිලි වුණා. ගෙදර තිබුණ බඩු මුට්ටුවලට එයාගේ ඒ තරම් ආශාවක් තිබුණෙ නැහැ. අපිට නම් එයා හරිම ආදරෙන් සිටියා. අපි ගැන නිතරම සොයා බැලීම පුරුද්දක්ව තිබුණා යැයි පෙරභවයේ මව අප සමග එදා හෙළි කළාය.

පෙර භවය හෙළිකළ දරුවන්ගේ තොරතුරු නැවත නැවත විමර්ශනය කිරීම ද පර්යේෂණවල දී සිදුකෙරේ. ඒ අනුව මීට වසර කීපයකට උඩදී වසන්තගෙ මවගෙන් ඒ පිළිබඳව විමසීමට අපට අවස්ථාව ලැබිණි. ඒ වන විට වසන්ත විවාහ ජීවිතයටද ඇතුළත්ව සිටියේය. පසුගිය දිනෙක අප වසන්ත පිළිබඳව විමර්ශනය කිරීමට මව සමග කතා කිරීමට ද අපට අවස්ථාව ලැබිණි. වසන්ත හදිසි රෝගාබාධයක් වැළඳීම නිසා මීට වසර කීපයකට උඩදී මියගොස් තිබුණි. වසන්ත පිළිබඳව සිදුකළ පර්‌යේෂණ වාර්තා සියල්ල ඉතා සුරක්ෂිතව තබාගෙන සිටින බැව් වසන්තගේ බිරිය අප සමග හෙළිකළාය. ඔහු කොතැනක හෝ නැවතත් යළි ඉපදීමක් සිදුවිය යුතු යැයි ඇගේ බලාපොරොත්තුව වී තිබේ. වසන්තගේ මරණය සිදුවී ඇත්තේ 2019 ජූලි 20 වනදාය. ඒ වන විට ඔහු හතළිස් දෙවැනි වියේ පසුවූ දෙදරු පියෙකුව සිටියේ ය. පුනර්භව පර්‌යේෂණ අතරින් මවක දුටු සිහිනයක් සැබෑ කරමින් සනාථ වූ පුනරුත්පත්ති සාධකයක් ලෙස වසන්තගේ කතා පුවත පර්‌යේෂණ අතරට එක්වී තිබේ.

වසන්තගේ පුනර්භවය පිළිබඳව වර්ජිනියා විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් කරන ලද පර්‌යේෂණයේදී සකස් කළ වාර්තාවක කොටසක් මෙසේය.

When Vasantha was taken to the house of previous birth he behaved like a person from that house his mother of the previous birth was at home along with the other brothers and sisters he looked about the house carefully as if come after a long absence and asked where is my dog so saving he came into when Vasantha was taken to the house of previous birth he behaved like a person from that house his mother of the previous birth was at home along with the other brothers and sisters he looked about the house carefully as if come after a long absence and asked ‘’Where is my dog? So saying he came into the house and walked into a room and he found the floor near the bed wet with water seeing this he asked as to who soiled water near his bed. This was the same bed that Wimalaweera used when he was living.

තිස්ස ජයවර්ධන