“සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින්න කතානායක කියයි“


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

කොවිඩ් අවදානම හේතුවෙන් මැතිසබයේදී මෙන්ම ඉන් පිටතදීත් සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේ දී අද (4)ඉල්ලීමක් කළේය .

සියලු මන්ත්‍රීවරුන් මැතිසබේ දී මෙන්ම ඉන් පිටතදීත් මුඛ ආවරණ පැළඳ, දෑත් පිරිසුදු කරගෙන ,සමාජ දුරස්ථභාවය රැකගෙන කටයුතු කිරීම වැදගත් බව ද කතානායක වරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම පාර්ලිමේන්තු සේවකයින් ,ආරක්ෂක අංශ නිලධාරීන් හා මාධ්‍යවේදීන් ද සෞඛ්‍ය නීති අකුරටම පිළිපදිමින් කටයුතු කළ යුතු බව ඔහු දැනුම් දුන්නේය .

කතානායකවරයා මෙම දැනුම් දීමක් කළේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි.