(යොහාන් භාසුර)
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා ‘ශංකර්’ නැමැති තැරැව්කරු දැරියන් 11 දෙනකු ගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය 16 හැවිරිදි ජූඩ් කුමාර් ඉෂාලිනී දැරියගේ මරණ පිළිබඳව ක්‍රියාත්මක විමර්ෂණවලදී මෙය හෙළිවී ඇති බව කී අජිත් රෝහණ මහතා පැවසුවේ සෙසු කාන්තාවන් දස දෙනාගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් කොළඹ සිට හැටන්, ඩයගම ප්‍රදේශයට ගොස් සිටින බවත්ය.

