(කේ.බුද්ධික කුමාරසිරි)
මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික ශ්රමිකයින් වහාම මෙරටට රැගෙන එන ලෙස තමා ආණ්ඩුවට බලකර සිටින බව ජාතික සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඒ මහතා ප්‍රකාශ කළේ හංවැල්ලේ අද (07) පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ‘‘පසුගිය ජනාධිපතිවරණයේදී අපේ විදෙස් ගත ශ‍්‍රමිකයින්ට රට විරුවෝ කියලා ඔවුන්ගේ ඡන්ද ලබා ගත් ආණ්ඩුව දැන් මැද පෙරදිග සිටින අපේ රටේ ජනතාව මෙරටට රැගෙන ඒමේ කටයුත්ත ඡන්දය නිමවෙන තුරු නවත්වා ඇති බවට අපිට ආරංචි ලැබී තිබෙනවා . වහාම අපේ රටේ මිනිසුන් මෙරටට රැගෙන එන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිනවා...
දැන් ආණ්ඩුව පිටරටවල් වල ඉන්න අපේ තානාපති කාර්යාලවල ඉන්න නිලධාරින් අපේම ශී‍්‍ර ලාංකිකයින්ගේන් ආරක්ෂා කර ගන්න කියලා පොලිසිය යොදවලා තිබෙනවා. වසර එකහමාරක් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට හිටපු නිසා එහි ඇති වී තිබෙන තත්වය පිළිබඳව මා හොඳටම දන්නවා. ඒ නිසා මේ විදිහට ජනතාවට එහි තිබෙන තත්වය පිළිබදව දැනුවත් කරන්න අදහස් කළා’’ යැයි සඳහන් කළේය.
‘‘ මැද පෙරදිග ඉන්න අපේ ජනතාව වාර්ෂිකව විශාල ඩොලර් ප‍්‍රමාණයක් අපේ රටට රැගෙන එනවා. උදාහරණයක් ලෙස පසුගිය වසරේ පමණක් ඩොලර් බිලියන 7කට වැඩි ප‍්‍රමාණයක් මෙරටට රැගෙන ආවා අපේ රටේ මුළු භාණ්ඩ අපනයනයෙන්ම ලැබෙන්නේ ඩොලර් බිලියන 11ක් විතර වුවත් විදෙස්ගත ශ‍්‍රමිකයින් අපිට වාර්ෂිකව ඩොලර් බිලියන 7 ත් 8 ත් අතර ප‍්‍රමාණයක් ලබා දෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී අපේ විදෙස්ගත ශ‍්‍රමිකයින්ට රට විරුවෝ කියාගෙන ඔවුන්ගේ ඡුන්ද ලබා ගත් ආණ්ඩුව දැන් මැද පෙරදිග සිටින අපේ රටේ ජනතාව මෙරටට රැගෙන ඒමේ කටයුත්ත ඡන්දය නිමවෙන තුරු නවත්වා ඇති බවට අපිට ආරංචි ලැබී තිබෙනවා... ආණ්ඩුව හිතනවා මේ විදිහට විදෙස් ගත ශ‍්‍රමිකයින් ලංකාවට රැගෙන ඒම ඔවුන්ට ඡන්දයේදී අවාසි වෙයි කියලා... මෙහෙම අපේ රටේ කොවීඩ් ආසාධිතයින් ඉහළ යාම ආණ්ඩුවට අවාසි සහගතයි.. ඒ නිසයි ඔවුන් තීරණය කරලා තියෙන්නේ අපේ ශ‍්‍රමිකයින් මෙරටට රැගෙන ඒම ඡන්දය නිම වෙනතුරු කල් දමන්න’’ යැයිද පැවසීය.
‘‘දැන් මෙරටට අපේ රටේ ජනතාව රැගෙන එන්න තිබුණු සියළු ගුවන් වාර නවත්වා තිබෙනවා. ලබන 17 වෙනිදාට ද පිලිපීනයෙන් පිරිසක් රැගෙන එන්න ගුවන් යානයක් වෙන් කර තිබෙන බව ආරංචියි ඊට පස්සේ අපේ ජනතාව රටට රැගෙන ඒම සඳහා වෙන කිසිම ගුවන් යානයක් වෙන් කර නැහැ.
දිනපතා කොවිඩි 19 ආසාධිතයින් සංඛ්යාගව වැඩි වෙන ආකාරය අඩු කර පෙන්වීම සඳහා මෙලෙස විදෙස්ගත අපේ ජනතාව මෙරටට රැගෙන ඒම නවත්වා ඇති බවයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. සාමාන්යකයෙන් අපේ රටේ ජනතාව ලක්ෂ 17ක් පමණ විදෙස් රටවල සේවය කරනවා ලක්ෂ දෙකක් පමණ වාර්ෂිකව රටවල් වලට සේවයට යනවා. ඒ වගේම එනවා නවතම වාර්තාවකට අනුව අපේ රටේ ජනතාව 35000කට පමණ මේ කොවිඩ් වසංගතය නිසා රැකියා අහිමිව තිබෙනවා. එහෙම වෙලාවක රජයක් ලෙස අපි ඒ ජනතාව ගැන බලන්න වුවමනායි නේද? මොකද ඒ අපේ රටේ මිනිස්සු බව රජය මතක තබා ගත යුතුයි.
අපිට ආරංචියි මේ වෙනකොට අපේ ජනතාව තිස් හතලිස් දහසක් නැවත මව් රටට ගෙන්න ගන්නා ලෙස ආණ්ඩුවෙන් බැගෑපත් වෙලා ආයාචනා කර තිබෙනවා ඔවුන්ට යන්න එන්න තැනක් නැහැ.. මේ වනවිට මැද පෙරදිග රටවල කාන්තාවන් විහාල පිරිසක් ඉන්නවා අපිට ඩොලර් බිලියන ගණන් අරං එනකොට ඒ පිරිස් හොඳයි වුවත් ඔවුන්ට ගැටළුවක් ඇති වූ විට, මෙහෙ ගේන්න එපා කියන්න බැහැ... මේ රජයට ඔවුන් ගැන වගකීමක් නැද්ද? කියන එකයි අද ඇතිවෙලා තිබෙන ගැටළුව...
සමහරවිට අහන්න පුළුවන් ඒ අය ඔක්කොම ගෙනත් නිරෝධායනය කරන්නේ කොහොමද කියලා.. ඒක වෙනම පරකී ශ්නයක් මුලින් අපේ මිනිස්සු මේ රටට ගේන්න උවමනායි. අපිට ඔවුන්ව නිරෝධායනය කරන්න දැනට සංචාරකයින් නොමැතිව වසා දමා තිබෙන හෝටල් ගන්න පුළුවන් යුරෝපා රටවලින් එන අයව ලොකු හෝටල් වල විශාල මුදල්වලට නැවැත්වුවත් ඒවායේ නවත්වන්න නෙමේ අපි කියන්නේ.. පොඩි පොඩි හෝටල් එක්ක කතා කරලා මේ මිනිස්සුන්ව නවත්වන්න කරමේ්මයක් ඇති කරන්න පුළුවන්.. ඒ නිසා විදෙස්ගතව සිටින අපේ රටේ ජනතාව මෙරටට ගෙන්වා ගන්න වහාම විදේශ කටයුතු අමාත්යාංරශය මැදිහත් විය යුතුවෙනවා. ඒ වගේම කණගාටුවෙන් උවත් අපේ ජනතාවගෙන් අපේ තානාපති කාර්යාල නිලධාරීන්ව බේරාගන්න පොලිසිය යෙදවීම සම්බන්ධයෙන් කණගාටුව පරජන කාශ කරනවා’’ යැයි ද වැඩිදුරටත් පැවසීය.

