“ගෑස් ආයතන ඒකාබද්ධ කළේ නැහැ’’


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලිට්ට්‍රෝ සමාගමේ  ලාෆ්ස්  සමාගමේ හා මහා භාණ්ඩාගාරයේ හිමිකාරිත්වය  යටතේ නව සමාගමක් පිහිටුවන ලද නමුත් ගෑස් කර්මාන්තයේ නියුතු ආයතන  මෙමගින් ඒකාබද්ධ කිරීමක් නොකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා  පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ  නායක  අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම ක්‍රමවේදය මාස හයක් ක්‍රියාත්මක කර  එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් විදේශ විනිමය පීඩනය අවම කිරීම සහ පාරිභෝගිකයාට ප්‍රතිලාභ ලබාදීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවත්  අලගියවන්න මහතා සඳහන් කළේය .