“කොරෝනා එන්නත් නැති වුණේ රජයේ අකාර්යක්ෂමතාව නිසා“


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

රටේ කොරෝනා එන්නත් හිඟයක් ඇති වුණේ රජයේ නොහැකියාව සහ අකාර්යක්ෂමතාව නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (4 )පැවසීය.

මේ රජයට විදේශයන් සමග සබඳතා පවත්වමින් එන්නත් ගෙන් වීමේ හැකියාවක් නැතැයිද ඔහු කීය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

සීනිවලින් හොරකම් නොකර එම මුදල් වලින් එන්නත් ගෙන්වූයේ නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන බව කී ප්‍රේමදාස මහතා ආණ්ඩුව කොරෝනා අරමුදල ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට යොදා ගෙන නැතැයි චෝදනා කළේය .

ආණ්ඩුව කොරෝනාවලට බෙහෙත් දීම අමතක කර කොරෝනා දේශපාලනයක නිරත වන බවද දැන් දෙවෙනි මාත්‍රාව වෙනත් එන්නතකින් දීමට රජය සූදානම් වන බව ද ඔහු පැවසීය

රජය කොවිඩ් පාලනය අමතක කර ඇතැයි ද විපක්ෂ නායකවරයා චෝදනා කළේය .