(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමග ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය කතානායකවරයා අමතමින් “අනේ පොඩ්ඩක් කට වහගෙන ඉන්නකෝ” යනුවෙන් පැවසීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇයට එක දිගට චෝදනා එල්ල කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (23) පෙරවරුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය.
මේ අවස්ථාවේදී කතානායකවරයා විජේරත්න මහත්මිය අමතමින් හැදියාවකින් කතා කරන්නැයි දැනුම් දුන්නේය.
කතානායකගේ එම ප්‍රකාශයෙන් පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විජේරත්න මහත්මිය කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නැයි එක දිගට ඉල්ලා සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එතුමිය කතා කරන්නේ පාසලක ගුරුවරියකටත් නොගැලපෙන ආකාරයට බව පැවැසීය.
යේ මන්ත්‍රීවරු විජේරත්න මහත්මිය කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නැයි එක දිගට ඉල්ලා සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එතුමිය කතා කරන්නේ පාසලක ගුරුවරියකටත් නොගැලපෙන ආකාරයට බව පැවැසීය.