(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ෆෙරාරි වාහනය පදින කෙනා අල් ජසීරාවේ හැපී කුඩුපට්ටම් වී ගිය බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ පැවසුවේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.
ෆෙරාරි පදින කෙනාට තියෙන්නේ හොර ලයිසන් එකක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.
ඇත්තටම කතානායකතුමනි, අද අපට විවාදය පටන් ගන්න වෙන්නේ කනගාටුදායක ප්‍රවෘත්තියකින්. ඒක තමයි ළඟදි සිද්ධ වෙච්ච මාරක රිය අනතුරක් ගැන දැනුම්දීමෙන්. අර ෆෙරාරි ලයිසන් එකක් තියෙනවා කිව්ව කෙනා අල් ජසීරා එකේ හැප්පිලා කුඩු පට්ටම් වෙලා තියෙන්නේ. එතුමගෙ මං හිතන්නේ මොළයට සෑහෙන්න ඩැමේජ් වෙලා තියෙනවා. ඒ නිසා එතුමා මේ දවස්වල විකාර කියවනවා