(ඉන්දිකා රාමනායක)
ජනාධිපති මන්දිරයට බලහත් කාරයෙන් ඇතුලු විරෝධතාකරුවන්ට යුද හමුදා භට පිරිස් හිතා මතා හානි කිරීමේ අරමුණින් ඔවුන් ඉලක්ක කර වෙඩි තැබු බවට සිදුකරන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන බව යුද හමුදාව නිවේදයන් නකුත් කරමින් පවසයි.
හමුදාව වෙඩි තබන වීඩියෝ පට සමාජ ජාලා ඔස්සේ ප්‍රචාර වෙමින් මෙම චෝදනා සම්බන්ධයෙන් හමුදාවේ අවදානය යොමු වී ඇති බවද හමුදාව පවසයි.
යුද හමුදාව විසින් විරෝධතාකරුවන් එම පරිශ්‍රයට ඇතුලු වීම වැළැක්වීම උදෙසා අහසට මෙන්ම ඇතුලුවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බවද හමුදාවට සඳහන් කරයි.
අහසට සහ පැති ගේට්ටුවේ බැම්මට වෙඩි තැබීම පිරිස ඇතුලු වීම වැලැක්වීම සදහා උපක්‍රමයක් ලෙස භාවිතා කළ බවත්,එය කිසිසේත්ම නිරෝධතාකරුවන්ට ශාරීරීක හානියක් සිදුකිරීම සදහා ගත් පිටවරක් නොවන බව යුද හමුදාව වැඩිදුරටත් අවධාරණය කරයි.