අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට ශක්තිමත් කියා උදම් අනා මෝඩ චූන් ගන්න එපා යැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රටක් විදියට අනතුර හරියට තේරුම් ගන්නැයි කී හේරත් මහතා නැත්නම් පස්සේ පසු තැවෙන්න වන බව පැවසීය.
ගිය වසරේ වසරේ තිබූ තත්ත්වයට වඩා මේ වසරේ රටේ තත්ත්වය හොඳ බවට කියන කතාව මිත්‍යාවක් බවද තෙල්,ගෑස් පොලිම් නැති වුනත් ආර්ථිකය ශක්තිමත් වී නැති බව වසර මැද මූල්‍ය වාර්තාවෙන් ඔප්පු වෙන බව විජිත හේරත් මහතා කීය.
ආර්ථික වර්ධන වේගය ඍණ 11.5 වී තිබෙන බවත් කර්මාන්ත බිඳ වැටීම 23% ක් වී ඇතැයි ද කී මන්ත්‍රීවරයා මේ තත්ත්වය යටතේ ආර්ථිකයක් ශක්තිමත් වෙන්නෙ කොහොමදැයි ප්‍රශ්න කළේය.
ගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී අපනයන ආදායම පහත වැටී ඇති අතර ගිය වසරට සාපේක්ෂව මේ වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 378 කින් අඩු වී තිබෙන බව සඳහන් කළේය.

