(සුජිත් හේවාජුලිගේ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස දීමට තරම් හේතුවක් කිසිවකු හෝ මෙතෙක් ඉදිරිපත් කර නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
රංජන්ට එරෙහි චෝදනාව බරපතළ එකක් බවද හෙතෙම සඳහන් කළේය.
රන්ජන් රාමනායක මහතාට පොදු සමාව යටතේ නිදහස ලබා දෙන්නැයි සමගි ජන බලවේගය පක්ෂය පසුගියදා ඉල්ලීමක් කළ අතර එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සඳහා සාධාරණ හේතුවක් තිබේ නම් ඉදිරිපත් කරන ලෙසයි.
මේ අතර රන්ජන් රාමනායක මහතාට අවශ්‍ය පහසුකම් සියල්ල සපයා දී ඇතැයිද ලොහාන් රත්වත්තේ මහතා කීවේය.
හදිසියේ ඇතිවූ ආබාධ තත්වයක් සඳහා රංජන් රාමනායක මහතා කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ බව පැවසූ හෙතෙම මාදිවෙල මන්ත්‍රී නිල නිවෙසේ ඔහුගේ බඩු බාහිරාදිය තබා ගැනීමටද මාස 3 ක සහන කාලයක් ලබාදුන් බව ප්‍රකාශ කළේය.

